AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන පිරවුමේදී කාන්තාවක් ආතතිය පිට කළ හැටි

කැස්බෑව, බණ්ඩාරගම මාර්ගයේ ඉන්ධන පිරවුම්හලේ හිමිකරුවන් සහ පාරිභෝගිකයන් අතර ඇතිවූ බහින්බස්වීම ගුටි කෙළියක් දක්වා වර්ධනය වී උණුසුම් තත්ත්වයක් ඇතිවි තිබෙනවා. ඊයේ (16) රාත්‍රියේ ගැටුම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඩීසල් ඉන්ධන අවසන් වී ඇති බවට දැනුම්දීමත් සමඟම ඇතිවූ බහින් බස්වීම දුරදිග යාමෙන් එහි සිටි පුද්ගලයකු හා හිමිකරු අතර මෙලෙස ගැටුමක් ඇතිවී ඇති බව සඳහන්.

පසුව එහි පැමිණ සිටි කාන්තාවක් ද ගැටුමට මැදිහත් වීමෙන් ගැටුම වර්ධනය වි තිබෙනවා.

එම අවස්ථාවේ ඉන්ධන පිරහුම්හළ ඉදිරිපිට රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකු පැමිණ ගැටුම සමථයකට කිරීමට උත්සාහ කර තිබෙනවා.

ගැටුම නිම වීමත් සමඟම ඉන්ධන ලබා දෙමින් තිබූ ඩීසල් පොම්පය අසල විදුලිය ද විසන්ධි වී තිබෙන අතර අනතුරුව කැස්බෑව පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ සෙසු ඉන්ධනද ලබානොදෙන ලෙසට ඉන්ධනහල වෙත දැනුම් දී තිබේ.

ඒ, සමඟම දිගු පෝලිම්වල රැඳී සිටි යතුරුපැදිකරුවන්, තීරෝද රථ රියදුරන් මෙන්ම ප්ලාස්ටික් කෑන් බූලි රැගෙන පැමිණ පෝලිම්වල රැඳීසිටි විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව එම ස්ථානයෙන් පිටත් ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?