ඉන්ධන පිරවුමේදී කාන්තාවක් ආතතිය පිට කළ හැටි

කැස්බෑව, බණ්ඩාරගම මාර්ගයේ ඉන්ධන පිරවුම්හලේ හිමිකරුවන් සහ පාරිභෝගිකයන් අතර ඇතිවූ බහින්බස්වීම ගුටි කෙළියක් දක්වා වර්ධනය වී උණුසුම් තත්ත්වයක් ඇතිවි තිබෙනවා. ඊයේ (16) රාත්‍රියේ ගැටුම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඩීසල් ඉන්ධන අවසන් වී ඇති බවට දැනුම්දීමත් සමඟම ඇතිවූ බහින් බස්වීම දුරදිග යාමෙන් එහි සිටි පුද්ගලයකු හා හිමිකරු අතර මෙලෙස ගැටුමක් ඇතිවී ඇති බව සඳහන්.

පසුව එහි පැමිණ සිටි කාන්තාවක් ද ගැටුමට මැදිහත් වීමෙන් ගැටුම වර්ධනය වි තිබෙනවා.

එම අවස්ථාවේ ඉන්ධන පිරහුම්හළ ඉදිරිපිට රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකු පැමිණ ගැටුම සමථයකට කිරීමට උත්සාහ කර තිබෙනවා.

ගැටුම නිම වීමත් සමඟම ඉන්ධන ලබා දෙමින් තිබූ ඩීසල් පොම්පය අසල විදුලිය ද විසන්ධි වී තිබෙන අතර අනතුරුව කැස්බෑව පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ සෙසු ඉන්ධනද ලබානොදෙන ලෙසට ඉන්ධනහල වෙත දැනුම් දී තිබේ.

ඒ, සමඟම දිගු පෝලිම්වල රැඳී සිටි යතුරුපැදිකරුවන්, තීරෝද රථ රියදුරන් මෙන්ම ප්ලාස්ටික් කෑන් බූලි රැගෙන පැමිණ පෝලිම්වල රැඳීසිටි විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව එම ස්ථානයෙන් පිටත් ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40