ඉන්ධන ප්‍රවාහන හිමියන් ඇමති හමුවිමෙන් පසු ගත් තීරණය

ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය විසින් ආරම්භ කරනු ලැබූ වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අද පෙරවරුවේ බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ සමග සිදුකළ සාකච්ජාවෙන් අනතුරුවයි.

ඛණිජ තෙල් ප්‍රවාහන කටයුතුවලින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සේවයෙන්ඉවත් වුණා. ඒ, අවම වශයෙන් ප්‍රවාහන ගාස්තු සියයට 60 කින් වැඩි කරන ලෙස ඉල්ලමින්.

මෙරට ඉන්ධන ප්‍රවාහනයෙන් සියයට 80 ක් නියෝජනය කරන්නේ ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?