පවතින ඉන්ධන අර්බුදය හමුවේ එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය, වෙසක් උත්සවය, පොසොන් උත්සවය, ඇසළ උත්සවය වැනි ජාතික උත්සව කප්පාදු කිරීමේ කිසිඳු සූදානමක් රජයට නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.
මේ අතර අද (31) මධ්‍යම රාත්‍රියේ දී ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බව අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.
“ජනතාවගේ දෛනික ජීවිතය කියන්නේ ආර්ථික කටයුතු පමණක් නෙමෙයි ජනතාවගේ වින්දනීය, සංස්කෘතික, සෞන්දර්යාත්මක සමාජීය ජීවිතය අපි පුළුවන් තරම් ආරක්ෂා කරන්න ඕනේ. ඒ නිසා අපේ කිසිම බලාපොරොත්තුවක් නෑ එළැඹෙන වෙසක් උත්සවය, පොසොන් උත්සවය, ඇසළ උත්සවය සහ අනිත් ආගමික උත්සයන් කප්පාදු කිරීමට”













