ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වන තොරතුරු සම්බන්ධයෙන් නිවේදනයක් නිතුක් කර තිබේ. 

එම නිවේදනය පහතින්,

“ඉන්ධනවල ප්‍රමිතිය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ පටයට අදාළ කුරුණෑගල,  නාරම්මල ඉන්ධන පිරවුම්හලේ ඉන්ධනවල සාම්පල ලබාගෙන මේ වනවිටත් පරික්ෂණාගාර වෙත යවා ඇති අතර ප්‍රශ්නකාරී ටැංකි රථය කොලොන්නාව නිමාව වෙත රැගෙනවිත් අවශ්‍ය පරීක්ෂණය සිදුකරන අතර අදාළ බවුසරය නාරම්මල පිරවුම්හල වෙත යාමට ප්‍රථම දඹදෙණිය ප්‍රදේශයේ පිරවුම්හල් දෙකකට 92 ඔක්ටේන් පෙට්‍රල් රැගෙන ගොස් ඇත.  

එම පිරවුම්හල් 2 ආශ්‍රිතව සිදුකරන ලද පරික්ෂණවලදී ඉන්ධනවල කිසිදු ගැටලුවක් වාර්ථා වී නොමැත. ඊයේ දිනයේදි (05.05.2022) දිවයින පුරා 92 ඔක්ටේන් ලීටර ලක්ෂ 60 ක පමණ ප්‍රමාණයක් බෙදා හැර ඇති අතර බවුසර් රථ 472 බෙදාහැරීම් කටයුතු වල යෙදී ඇත. ඒ කිසිදු ස්ථානයකින්ද මේ දක්වා ඉන්ධන වල ප්‍රමිතිය සම්බන්ධව කිසිදු පැමිණිල්ලක් වාර්ථා වී නැත.

පර්යන්තයකින් හෝ තොග ගබඩාවකින් ඉන්ධන නිකුත් කිරීමේදි නිසි ප්‍රමිතිගත ක්‍රමවේද හැමවිටම අනුගමනය කරන අතර සෑම දිනකම අදාළ නියැදි පරික්ෂාකිරීමක් සිදු කරයි. එමෙන්ම ටැංකි රථ සඳහා ඉන්ධන නිකුත් කිරීමෙන් පසු අදාළ ටැංකි රථයේ රියදුරා සමග ප්‍රමිතිය සම්බන්ධව සහතික කරගැනීමක් සිදුකරන අතර ඉහත නාරම්මල පිරවුම්හලට ළඟා වූ බවුසරයද මුතුරාජවෙලින් පිටත් වීමට පෙර ප්‍රමිතිය සහතික කර ගෙන ඇත.

ගාල්ලේ ඉන්ධනහලක ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පැතිරයන තොරතුර ගැනද පුළුල් විමර්ශනයක් සිදුකරමින් පවතී. මේ වන විට මූලික පරීක්ෂණයන්ට අනුව එම ඉන්ධන පිරවුම්හලේ ටැංකි තුළ භූගත වතුර ඉවත් කරන නිසි ක්‍රමවේද භාවිතා කර නොමැති බව පෙනී යන අතර, සම්පුර්ණ පරීක්ෂණයඅවසන් වන තුරු එම පිරවුම්හල වසාදැමීමට දැනුවත් කර ඇත. 

ඉන්ධන තොග ඇණවුම් කිරීමේ සිට පාරිභෝගිකයන්ට බෙදාහැරීම දක්වා අවස්ථා හතරකදී ඉන්ධන වල ප්‍රමිතිය පරික්ෂාවට ලක් කෙරේ.

ඉන්ධන තොග විදේශීය රටවලින් නැව්ගත කිරීමට පෙර ඉන්ධනවල ප්‍රමිතිය විශේෂයෙන්ම පරික්ෂාකරනු ලැබේ. මේ පරීක්ෂණය සඳහා ඉන්ධන ලබාදෙන සමාගම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟවන ස්වාධීන පරීක්ෂණ කණ්ඩායමක් සහභාගි වේ.

ඉන්ධන, නැව් මගින් කොළඹ වරායට පැමිණි පසු  ප්‍රමිතිය පරික්ෂාකිරීම කොලොන්නාව සහ සපුගස්කන්ද පරීක්ෂණාගාරවලදී සිදුකරනු ලැබේ.

මෙම සාම්පල ලබාගැනීමේ සිට ප්‍රතිඵල නිකුත්කරන මොහොත දක්වා, ඉන්ධන ලබාදෙන සමාගම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟවන ස්වාධීන කණ්ඩායමක් නිරීක්ෂණය සිදුකරයි.

නැවත ටැංකිවල ඇති ඉන්ධන , බවුසර් වලට ලබාදීමට පෙරද නිසි පරිදි ප්‍රමිතිය පරික්ෂාවට භාජනය කරන අතර බවුසර් මගින් ඉන්ධන පිරවුම්හල් වලට යැවූ පසුද අහඹු ලෙස ප්‍රමිති පරීක්ෂණයන් සිදුකරනු ලැබේ. 

ඉන්ධන වල ප්‍රමිතිය සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට කිසියම් සැකයක් පවතීනම් 0115 234 234 හා 0115 455 130  යන ක්ෂණික අංකවලට අමතා පැමිණිලි ඉදිරිපත් කළ හැකිය”.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට ගොඩගන්න ක්‍රියාවලියට, ඉන්දීය විදේශ කටයුතු ඇමති, අගමැති හරිනිව හමුවෙයි
01:38
Video thumbnail
පාර්ලිමේන්තුව අසළ පාරේ කාපට් දාන්න ආ ටිපර් රථයක් ගිනිබත් වෙයි..
02:58
Video thumbnail
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජනපති අනුරව හමුවෙයි
02:04
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලාගෙන කරන පත්වීම් සියල්ල නීති විරෝධියි
07:33
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28


?