ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වන තොරතුරු සම්බන්ධයෙන් නිවේදනයක් නිතුක් කර තිබේ. 

එම නිවේදනය පහතින්,

“ඉන්ධනවල ප්‍රමිතිය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ පටයට අදාළ කුරුණෑගල,  නාරම්මල ඉන්ධන පිරවුම්හලේ ඉන්ධනවල සාම්පල ලබාගෙන මේ වනවිටත් පරික්ෂණාගාර වෙත යවා ඇති අතර ප්‍රශ්නකාරී ටැංකි රථය කොලොන්නාව නිමාව වෙත රැගෙනවිත් අවශ්‍ය පරීක්ෂණය සිදුකරන අතර අදාළ බවුසරය නාරම්මල පිරවුම්හල වෙත යාමට ප්‍රථම දඹදෙණිය ප්‍රදේශයේ පිරවුම්හල් දෙකකට 92 ඔක්ටේන් පෙට්‍රල් රැගෙන ගොස් ඇත.  

එම පිරවුම්හල් 2 ආශ්‍රිතව සිදුකරන ලද පරික්ෂණවලදී ඉන්ධනවල කිසිදු ගැටලුවක් වාර්ථා වී නොමැත. ඊයේ දිනයේදි (05.05.2022) දිවයින පුරා 92 ඔක්ටේන් ලීටර ලක්ෂ 60 ක පමණ ප්‍රමාණයක් බෙදා හැර ඇති අතර බවුසර් රථ 472 බෙදාහැරීම් කටයුතු වල යෙදී ඇත. ඒ කිසිදු ස්ථානයකින්ද මේ දක්වා ඉන්ධන වල ප්‍රමිතිය සම්බන්ධව කිසිදු පැමිණිල්ලක් වාර්ථා වී නැත.

පර්යන්තයකින් හෝ තොග ගබඩාවකින් ඉන්ධන නිකුත් කිරීමේදි නිසි ප්‍රමිතිගත ක්‍රමවේද හැමවිටම අනුගමනය කරන අතර සෑම දිනකම අදාළ නියැදි පරික්ෂාකිරීමක් සිදු කරයි. එමෙන්ම ටැංකි රථ සඳහා ඉන්ධන නිකුත් කිරීමෙන් පසු අදාළ ටැංකි රථයේ රියදුරා සමග ප්‍රමිතිය සම්බන්ධව සහතික කරගැනීමක් සිදුකරන අතර ඉහත නාරම්මල පිරවුම්හලට ළඟා වූ බවුසරයද මුතුරාජවෙලින් පිටත් වීමට පෙර ප්‍රමිතිය සහතික කර ගෙන ඇත.

ගාල්ලේ ඉන්ධනහලක ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පැතිරයන තොරතුර ගැනද පුළුල් විමර්ශනයක් සිදුකරමින් පවතී. මේ වන විට මූලික පරීක්ෂණයන්ට අනුව එම ඉන්ධන පිරවුම්හලේ ටැංකි තුළ භූගත වතුර ඉවත් කරන නිසි ක්‍රමවේද භාවිතා කර නොමැති බව පෙනී යන අතර, සම්පුර්ණ පරීක්ෂණයඅවසන් වන තුරු එම පිරවුම්හල වසාදැමීමට දැනුවත් කර ඇත. 

ඉන්ධන තොග ඇණවුම් කිරීමේ සිට පාරිභෝගිකයන්ට බෙදාහැරීම දක්වා අවස්ථා හතරකදී ඉන්ධන වල ප්‍රමිතිය පරික්ෂාවට ලක් කෙරේ.

ඉන්ධන තොග විදේශීය රටවලින් නැව්ගත කිරීමට පෙර ඉන්ධනවල ප්‍රමිතිය විශේෂයෙන්ම පරික්ෂාකරනු ලැබේ. මේ පරීක්ෂණය සඳහා ඉන්ධන ලබාදෙන සමාගම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟවන ස්වාධීන පරීක්ෂණ කණ්ඩායමක් සහභාගි වේ.

ඉන්ධන, නැව් මගින් කොළඹ වරායට පැමිණි පසු  ප්‍රමිතිය පරික්ෂාකිරීම කොලොන්නාව සහ සපුගස්කන්ද පරීක්ෂණාගාරවලදී සිදුකරනු ලැබේ.

මෙම සාම්පල ලබාගැනීමේ සිට ප්‍රතිඵල නිකුත්කරන මොහොත දක්වා, ඉන්ධන ලබාදෙන සමාගම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟවන ස්වාධීන කණ්ඩායමක් නිරීක්ෂණය සිදුකරයි.

නැවත ටැංකිවල ඇති ඉන්ධන , බවුසර් වලට ලබාදීමට පෙරද නිසි පරිදි ප්‍රමිතිය පරික්ෂාවට භාජනය කරන අතර බවුසර් මගින් ඉන්ධන පිරවුම්හල් වලට යැවූ පසුද අහඹු ලෙස ප්‍රමිති පරීක්ෂණයන් සිදුකරනු ලැබේ. 

ඉන්ධන වල ප්‍රමිතිය සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට කිසියම් සැකයක් පවතීනම් 0115 234 234 හා 0115 455 130  යන ක්ෂණික අංකවලට අමතා පැමිණිලි ඉදිරිපත් කළ හැකිය”.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27