AFC Banner
AFC Banner
Empty Ad

ඉන්දු – ලංකා ජනපතිවරුන් අතර හමුවක්

ඉන්දීය නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට ජනාධිපතිනි දෞපදි මුර්මු මහත්මිය හමුවී සාකච්ඡා කර තිබෙනවා.

ඉන්දියාවේ නවදිල්ලි හි රාෂ්ට්‍රපතිභවන් හිදී මෙම හමුව සිදුව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාදරයෙන් පිළිගනිමින් ඉන්දීය ජනාධිපතිවරිය ප්‍රකාශ කළේ ඉන්දියාවේ ‘අසල්වැසි ප්‍රථම’ ප්‍රතිපත්තියේ සහ සාගර් (කලාපයේ සියලු දෙනාගේ ආරක්ෂාව සහ වර්ධනය) දැක්ම තුළ ශ්‍රී ලංකාව විශේෂ ස්ථානයක් ගන්නා බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා ඉන්දියාව පසුගිය වසරක කාලය තුළ ශ්‍රී ලංකාවට ලබාදුන් බහුවිධ සහය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සඳහා ඉන්දියාවේ දිගුකාලීන කැපවීම පිළිබඳ සාක්ෂියක් බවයි ඉන්දීය ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.

ශ්‍රී ලංකාවට අවශ්‍ය මොහොතේදී ඉන්දියාව සෑම විටම ශ්‍රී ලංකාව සමඟ සිට ඇති බවත් අනාගතයේදී ද එය දිගටම කරගෙන යන බවත් ජනාධිපතිවරිය අවධාරණය කර තිබෙනවා.

දෙරටේ හවුල්කාරිත්වය කල් පවතින අතර ඉන්දියන් සාගර කලාපයේ සාමාන්‍ය ජනතාවට ප්‍රයෝජනවත් බව මෙහිදී රාජ්‍ය නායකයන් දෙපළ ප්‍රකාශ කළා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ක්ෂේත්‍ර කිහිපයක ප්‍රධාන ව්‍යාපෘති රැසක කටයුතු කරමින් සිටින බවත්, ඉන්දියා-ශ්‍රී ලංකා සංවර්ධන හවුල්කාරිත්වය ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිතවලට ධනාත්මක ලෙස ස්පර්ශ කර ඇති බවයි නායකයින් දෙදෙනා සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සමඟ ඇති සංවර්ධන සහයෝගීතාවය අඛණ්ඩව සහ ශක්තිමත් කර ගැනීමට ඉන්දියාව අපේක්ෂා කරන බව ද ඉන්දීය ජනාධිපතිවරිය ප්‍රකාශ කර තිබෙනවා.

India President Media Release
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?