ඉන්දු – ලංකා ජනපතිවරුන් අතර හමුවක්

ඉන්දීය නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට ජනාධිපතිනි දෞපදි මුර්මු මහත්මිය හමුවී සාකච්ඡා කර තිබෙනවා.

ඉන්දියාවේ නවදිල්ලි හි රාෂ්ට්‍රපතිභවන් හිදී මෙම හමුව සිදුව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාදරයෙන් පිළිගනිමින් ඉන්දීය ජනාධිපතිවරිය ප්‍රකාශ කළේ ඉන්දියාවේ ‘අසල්වැසි ප්‍රථම’ ප්‍රතිපත්තියේ සහ සාගර් (කලාපයේ සියලු දෙනාගේ ආරක්ෂාව සහ වර්ධනය) දැක්ම තුළ ශ්‍රී ලංකාව විශේෂ ස්ථානයක් ගන්නා බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා ඉන්දියාව පසුගිය වසරක කාලය තුළ ශ්‍රී ලංකාවට ලබාදුන් බහුවිධ සහය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සඳහා ඉන්දියාවේ දිගුකාලීන කැපවීම පිළිබඳ සාක්ෂියක් බවයි ඉන්දීය ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.

ශ්‍රී ලංකාවට අවශ්‍ය මොහොතේදී ඉන්දියාව සෑම විටම ශ්‍රී ලංකාව සමඟ සිට ඇති බවත් අනාගතයේදී ද එය දිගටම කරගෙන යන බවත් ජනාධිපතිවරිය අවධාරණය කර තිබෙනවා.

දෙරටේ හවුල්කාරිත්වය කල් පවතින අතර ඉන්දියන් සාගර කලාපයේ සාමාන්‍ය ජනතාවට ප්‍රයෝජනවත් බව මෙහිදී රාජ්‍ය නායකයන් දෙපළ ප්‍රකාශ කළා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ක්ෂේත්‍ර කිහිපයක ප්‍රධාන ව්‍යාපෘති රැසක කටයුතු කරමින් සිටින බවත්, ඉන්දියා-ශ්‍රී ලංකා සංවර්ධන හවුල්කාරිත්වය ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිතවලට ධනාත්මක ලෙස ස්පර්ශ කර ඇති බවයි නායකයින් දෙදෙනා සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සමඟ ඇති සංවර්ධන සහයෝගීතාවය අඛණ්ඩව සහ ශක්තිමත් කර ගැනීමට ඉන්දියාව අපේක්ෂා කරන බව ද ඉන්දීය ජනාධිපතිවරිය ප්‍රකාශ කර තිබෙනවා.

India President Media Release


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42