AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දු – බංගලි දෙවැනි T20 තරගය අද දිල්ලි නුවරදී

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර මේ දිනවල පැවැත්වෙන තරග 03කින් සමන්විත පන්දුවාර 20 -20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (09) පැවැත්වෙනවා.

මෙම තරගය අද රාත්‍රී 7ට දිල්ලි නුවර දී ආරම්භ වනු ඇති.

තරගාවලියේ පළමු තරගයේ ජය සත්කාරක ඉන්දීය කණ්ඩායමට හිමිවුණා.

එම තරගය ඉන්දියාව ජය ගත්තේ කඩුලු 07කින්.

එබැවින් අද තරගය දෙපිළටම තීරණාත්මක වනු ඇති.

ඊට හේතුව වන්නේ අද තරගය ඉන්දීය කණ්ඩායම ජය ගතහොත් ඔවුන් වේලාසනින් ම එක් තරගයක් තව තිබියදී තරගාවලියේ ජය හිමිකරගැනීමට සමත් වන නිසාවෙන්.

කෙසේ හෝ බංග්ලාදේශය ජය ගතහොත් දෙපිළම තරග 1-1ක් ලෙස සමවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?