ඉන්දු පාකිස්ථාන දේශ සීමාවේ සිදුවන ජාවාරමක් ගැන තොරතුරු හෙළිවෙයි

පාකිස්ථානයේ සිට ඉන්දියාවට මත්ද්‍රව්‍ය එවන නවතම ක්‍රමයක් පිළිබඳ බලධාරීන් තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.

2022 වසරේදී පාකිස්ථානයේ සිට ඉන්දියාවට මත්ද්‍රව්‍ය මුදල් ආයුධ මෙන්ම පුපුරණ ද්‍රව්‍ය රැගෙන ඒමට උත්සාහ කළ ඩ්‍රෝන යානා 22ක් දේශසීමා ආරක්ෂකයන් විසින් සිය භාරයට ගෙන ඇති බවයි ඉන්දීය බලධාරීන් ප්‍රකාශකර ඇත්තේ.

මෙම වැටලීම්වලදී මත්ද්‍රව්‍ය කිලෝ 316කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එමෙන්ම දේශසීමා අසල සිදු කෙරෙන මෙහෙයුම් අතර ගිනි අවි 67න් සහ ජීව උණ්ඩ 850ක් ද සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පාකිස්ථානයේ සිට විවිධ ද්‍රව්‍ය ඉන්දීය භූමියට රැගෙන එන ඩ්‍රෝන යානා විනාශ කරන හෝ සොයා ගන්නා ආරක්ෂක අංශ නිලධාරීන්ට ඉන්දීය රුපියල් ලක්ෂයක ත්‍යාග මුදලක් පිරිනැමීමට රජය තීරණය කිරීමත් සමග එම මෙහෙයුම් සඳහා නිලධාරීන් අතර ද උනන්දුවක් පවතින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පාකිස්ථානයේ සිට මත්ද්‍රව්‍ය සහ ගිනි අවි ඉන්දියාවට රැගෙන එන ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ජනතාවට ද එවැනිම මුදල් ත්‍යාග ලබාදීමට ඉන්දීය බලධාරීන් සැලසුම් කර තිබෙනවා.

ගතවූ වසරේදී සොයාගත් ඩ්‍රෝන යානා 22ට අදාළව ද ඉන්දීය රුපියල් ලක්ෂය බැගින් ත්‍යාග මුදල් ලබාදී ඇතැයි සඳහන්.

මෙලෙස ජාවාරම් සිදු කෙරෙන ඩ්‍රෝන යානා වැඩි වශයෙන් හමුවී ඇත්තේ පන්ජාබ් ප්‍රාන්තයේ පිහිටි දේශසීමාවෙන්.

ත්‍යාග මුදල් ලබාදීමට තීරණය කිරීමත් සමග ඩ්‍රෝන යානා වැඩි වශයෙන් සොයා ගැණුන ද 2020 සහ 2021 වසර දෙකේදී මෙවැනි ජාවාරම්වලට සම්බන්ධ ඩ්‍රෝන යානා හමුවී ඇත්තේ එක බැගින් පමණක් වීම විශේෂත්වයක්.

දේශසීමා ආරක්ෂක බළකාය විසින් මෙම මත්ද්‍රව්‍ය සහ අවි රැගෙන යන ඩ්‍රෝන යානාවල සංඛ්‍යාත සහ මාර්ගය අවහිර කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික ජෑමර් පද්ධතියක් ද සකස් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?