ඉන්දු පාකිස්ථාන දේශ සීමාවේ සිදුවන ජාවාරමක් ගැන තොරතුරු හෙළිවෙයි

පාකිස්ථානයේ සිට ඉන්දියාවට මත්ද්‍රව්‍ය එවන නවතම ක්‍රමයක් පිළිබඳ බලධාරීන් තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.

2022 වසරේදී පාකිස්ථානයේ සිට ඉන්දියාවට මත්ද්‍රව්‍ය මුදල් ආයුධ මෙන්ම පුපුරණ ද්‍රව්‍ය රැගෙන ඒමට උත්සාහ කළ ඩ්‍රෝන යානා 22ක් දේශසීමා ආරක්ෂකයන් විසින් සිය භාරයට ගෙන ඇති බවයි ඉන්දීය බලධාරීන් ප්‍රකාශකර ඇත්තේ.

මෙම වැටලීම්වලදී මත්ද්‍රව්‍ය කිලෝ 316කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එමෙන්ම දේශසීමා අසල සිදු කෙරෙන මෙහෙයුම් අතර ගිනි අවි 67න් සහ ජීව උණ්ඩ 850ක් ද සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පාකිස්ථානයේ සිට විවිධ ද්‍රව්‍ය ඉන්දීය භූමියට රැගෙන එන ඩ්‍රෝන යානා විනාශ කරන හෝ සොයා ගන්නා ආරක්ෂක අංශ නිලධාරීන්ට ඉන්දීය රුපියල් ලක්ෂයක ත්‍යාග මුදලක් පිරිනැමීමට රජය තීරණය කිරීමත් සමග එම මෙහෙයුම් සඳහා නිලධාරීන් අතර ද උනන්දුවක් පවතින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පාකිස්ථානයේ සිට මත්ද්‍රව්‍ය සහ ගිනි අවි ඉන්දියාවට රැගෙන එන ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ජනතාවට ද එවැනිම මුදල් ත්‍යාග ලබාදීමට ඉන්දීය බලධාරීන් සැලසුම් කර තිබෙනවා.

ගතවූ වසරේදී සොයාගත් ඩ්‍රෝන යානා 22ට අදාළව ද ඉන්දීය රුපියල් ලක්ෂය බැගින් ත්‍යාග මුදල් ලබාදී ඇතැයි සඳහන්.

මෙලෙස ජාවාරම් සිදු කෙරෙන ඩ්‍රෝන යානා වැඩි වශයෙන් හමුවී ඇත්තේ පන්ජාබ් ප්‍රාන්තයේ පිහිටි දේශසීමාවෙන්.

ත්‍යාග මුදල් ලබාදීමට තීරණය කිරීමත් සමග ඩ්‍රෝන යානා වැඩි වශයෙන් සොයා ගැණුන ද 2020 සහ 2021 වසර දෙකේදී මෙවැනි ජාවාරම්වලට සම්බන්ධ ඩ්‍රෝන යානා හමුවී ඇත්තේ එක බැගින් පමණක් වීම විශේෂත්වයක්.

දේශසීමා ආරක්ෂක බළකාය විසින් මෙම මත්ද්‍රව්‍ය සහ අවි රැගෙන යන ඩ්‍රෝන යානාවල සංඛ්‍යාත සහ මාර්ගය අවහිර කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික ජෑමර් පද්ධතියක් ද සකස් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14