ඉන්දු – පාකිස්ථාන තරගය නරඹන්න ආ ප්‍රේක්ෂකයින්ට ගාම්භීර්ගෙන් පණිවුඩයක්

එක්දින ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක තරගයක්වන ඉන්දියාව සහ පාකිස්ථාන අතර තරගය මේ වනවිට අහමදාබාද් හී නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

මෙම තරගය නැරඹීමට ඉන්දීය ප්‍රේක්ෂකයින් බහුතරයක් පැමිණ ඇති අතර, පාකිස්ථාන ප්‍රේක්ෂකයින් එතරම් ක්‍රීඩාංගණයේ දැකගැනීමට ලැබෙන්නේ නැහැ.

ඒ, ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ඉන්දියාවට පැමිණීම සඳහා වීසා ලබාගැනීමට ඔවුන්ට අවස්ථාවක් නොලැබීම හේතුවෙන්.

මේ අතර අද තරගය නැරඹීමට නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට පැමිණ සිටින ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ට, ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් විශේෂ පණිවිඩයක් ලබා දුන්නා.

කාසියේ වාසියෙන් පසු ස්ටාර් ස්පෝර්ට්ස් වෙත අදහස් දක්වමින්, ලෝක කුසලානයට සහභාගී වීමට පැමිණ සිටින පාකිස්ථාන කණ්ඩායම අපහසුතාවයට පත් නොකරන ලෙසත් අගෞරව නොකරන ලෙසත් ගාම්භීර් ඉන්දීය ක්‍රීඩාලෝලීන්ට දැනුම් දුන්නා.

“ඔබේ කණ්ඩායමට සහාය වන්න, නමුත් ඔබේ අමුත්තන් සමඟ නොහොබිනා ලෙස හැසිරෙන්න එපා, ඔවුන් ඔබේ අමුත්තන්. ඔවුන් ලෝක කුසලානය ක්‍රීඩා කිරීමට පැමිණ සිටින අමුත්තන් බවත් මෙහි සිටින අපි මතක තබා ගත යුතුයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
0
+1
8
+1
0
+1
2
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13
Video thumbnail
අනුර කුමාර අඟුරු කුමාර වෙලා l Marikkar l Anura Kumara
12:54
Video thumbnail
මම දෙන ආතල් එකට රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
බාල කුමාරගේ ගැලවීම සඳහා අඟුරු කුමාර ඉදිරිපත් වෙනවා..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30
Video thumbnail
හා හා කෑවා නේද.. දැන් හිනාවෙන්නකෝ l Namal Rajapaksha
10:57
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."සුගීෂ්වර, කුමාර ජයකොඩිට හොදටම දෙසයි
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43