ඉන්දු – පාකිස්ථාන තරගයේ කාසියේ වාසිය පාකිස්ථානයට පෙරළෙයි

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සහ ඉන්දියාව අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට පාකිස්ථාන නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ ප්‍රේමදාස තණ තීරුවේ පළමුව පන්දු රැකීමටයි.

අද තරගයට ඉදිරිපත් වන ඉන්දීය කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුවී තිබෙනවා.

ඒ, අනුව අද තරගයට ජස්ප්‍රිට් බුම්රා සහ ලෝකේෂ් රාහුල් කණ්ඩායමට කැඳවා ඇති බවයි නායක රෝහිත් ශර්මා සඳහන් කළේ.

මේ අතර පාකිස්ථාන වෙනුවෙන් වැඩිම එක්දින ශතක සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩකයා බවට පත්වීමට අද දිනයේ ශතකයක් ලබාගත හොත් බාබර් අසාම්ට හැකියාව හිමිවනවා.

බාබර් අසාම් මේ වනවිට එක්දින තරග 106ක් ක්‍රීඩා කරමින් ශතක 19ක් රැස්කරගෙන සිටිනවා.

මේ අතර අද පැවැත්වෙන මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් අතිරේක දිනයක් ලෙස හෙට (11) දිනය ද මෙම තරගය වෙනුවෙන් වෙන්කර තිබෙනවා.

මෙම සුවිශේෂී තරගය නැරඹීම වෙනුවෙන් පාකිස්ථාන සහ ඉන්දීය ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයට පැමිණ සිටින බවයි ක්‍රීඩාංගණයෙන් තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?