AFC Banner
AFC Banner
Empty Ad

ඉන්දුනීසියාවේ පාපන්දුවට තාවකාලිකව වැටුණු තහනම

ඉන්දුනීසියාවේ ලීග් පාපන්දු තරග තාවකාලිකව අත්හිටුවන ලෙසට එරට ජනාධිපති ජෝකෝ විඩෝඩෝ නියෝග කර තිබෙනවා.

ඒ, ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා ප්‍රදේශයේ පැවති පාපන්දු තරගයකින් පසු හටගත් කලහකාරී සිද්ධියෙන් පුද්ගලයින් 129 දෙනෙකු මියයාමෙන් අනතුරුවයි.

මෙම කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන අවසන් වන තුරු මෙලෙස ලීග් පාපන්දු තරග නොපවත්වන ලෙසයි ජනාධිපතිවරයා එරට බලධාරීන්ට දැනුම් දී ඇත්තේ.

ඉන්දුනීසියාවේ පාපන්දු කීර්තිනාමයට කළු පැල්ලමක් එක්කළ මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දුනීසියානු පාපන්දු සංගමය විසින් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දුනීසියාවේ ජාවා හි කන්ජූරුහන් ක්‍රීඩාංගනයේදී පැවති පාපන්දු තරගයක් අවසන් බවට විනිසුරු සංඥා කිරීමෙන් පසු එම තරගය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයින් 3000ක පමණ පිරිසක් ක්‍රීඩා පිටිය තුළට කඩාවැදී දෙපිරිසක් අතර ගැටුමක් ඇතිකරගෙන තිබෙනවා.

එහිදී තත්ත්වය පාලනය කිරීම සඳහා එරට ආරක්ෂක අංශ කදුළු ගෑස් සහ බැටන් පොලු ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්.

ඒ, සමඟ කලබලයට පත් ප්‍රේක්ෂකයින් ක්‍රීඩාංගනයෙන් පිටව යාමට උත්සාහ දැරීමේදී තෙරපීමට ලක්වීමෙන් පුද්ගලයින් 129 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගිය පිරිස අතර ආරක්ෂක අංශ සාමාජිකයින් කිහිප දෙනෙක් ද සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?