ඉන්දුනීසියාවේ තවත් නායයෑමකින් 07 දෙනෙක්ට දිවි අහිමි වෙයි

ඉන්දුනීසියාවේ, ජාවා පළාතේ, බටහිර බන්ඩුං ප්‍රදේශයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් හත්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තවත් පුද්ගලයන් විශාල ප්‍රමාණයක් අතුරුදන්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගලවා ගැනීමේ කණ්ඩායම් මේ වන විට එම ප්‍රදේශයට ලඟා වී මුදවා ගැනීමේ ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

පසුගිය නොවැම්බර් මස අග භාගයේ දී බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය නිසාවෙන් ඉන්දුනීසියාවේ බටහිර ප්‍රදේශයේ ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 1,000 කට වැඩි පිරිසකට දිවි අහිමි වී සති කිහිපයකට පසු මෙම නායයෑම සිදුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?