ඉන්දීය කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවෙක් වන සංජු සැම්සන් හට ශ්‍රී ලංකාව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය අහිමි වී යන බව තොරතුරු වාර්තා වනවා.
දණහිසේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් මෙලෙස තරගාවලිය සැම්සන්ට අහිමි වී යන බවයි ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුනේ.
ඒ අනුව අද පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය සදහා ජිතේෂ් ෂර්මා ඉන්දීය කණ්ඩායමට කැදවීමට නියමිත බවටයි වාර්තා වුණේ.
මේ අතර වම් දණහිසේ ආබාධයකට ලක්වූ සැම්සන් ඊයේ පස්වරුවේ මුම්බායි හීදී ස්කෑන් පරීක්ෂණයකට භාජනයකර ඇති අතර එහිදී ඔහුව විවේක ගැන්වීමට උපදෙස් ලබා දී තිබෙනවා.
කෙසේ වෙතත් දෙරට අතර පැවති පළමු තරගයේදී සංජු සැම්සන්ට එතරම් ලකුණු අතරට පැමිණීමට හැකියාව නොලැබුනු අතර ඔහු ලකුණු 05ක් ලබාගෙන සිටියදී ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ දැවී ගියා.
මේ අතර සංජු සැම්සන්ගේ ඉවත්වීම හේතුවෙන් කණ්ඩායමට එකවන ජිතේෂ් ෂර්මාට අද දිනයේ දී ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර පන්දුවාර විස්ස වරම් හිමිවීම ද විශේෂත්වයක්.




