AFC Banner
AFC Banner
Empty Ad

ඉන්දීය මුදල් ඇමතිනිය යාපනයේ සංචාරයක (ඡායාරූප සහ වීඩියෝ)

තුන් දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මාලා සීතාරාමන් මහත්මිය අද (03) යාපනය සංචාරයෙන් පසුව පලාලි ගුවන් තොටුපොළින් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

යාපනයේ නව තාක්ෂණ හා නිපැයුම් වෙළඳ ප්‍රදර්ශනය නිරීක්ෂණයට පැමිණි ඉන්දීය මුදල් අමාත්‍යවරිය පිළිගනු ලැබුවේ උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය විසින්.

යාපනයට පැමිණි ඉන්දීය මුදල් අමාත්‍යවරිය යාපනය පුස්තකාලය හා නල්ලූර් කෝවිල නිරීක්ෂණය කළ අතර, යාපනය ඉන්දීය අයෝජන බැංකු ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට ද එක් වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

යාපනය සංස්කෘතික ශාලාවේ පැවති හමුවේදී අදහස් දක්වමින් උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එදා සිටම සමීප සබඳතාවයක් පවතින අතර මෙරට අවශ්‍ය අවස්ථාවන්හීදී විවිධ අයුරින් සහයෝගය දැක්වීම ගෞරවයෙන් සිහිපත් කළ යුතු බවයි.

උතුරේ මෙන්ම මෙරට ජනතාවගේ ජීවන තත්වය නංවාලීමට, නිවාස ව්‍යාපෘති ඇතුලු සංවර්ධන වැඩසටහන් සඳහා දායකත්වය ලබාදීම මෙන්ම විශේෂයෙන් යුද්ධය නිමාවීමෙන් පසුව මෙම පළාත සංවර්ධනය උදෙසා ඉන්දීය රජය දැක්වූ දායකත්වය පළිබඳව ස්තූතිය පුද කළ යුතු බවයි ආණ්ඩුකාරවරිය සඳහන් කළේ.

එමෙන්ම රටට ජාත්‍යන්තර මූල්‍ය ආධාර ලබාගැනීමේදී ඉන්දීය රජය පූර්ණ සහය ලබාදීම පිළිබඳව සිහිපත් කළ ආණ්ඩුකාරවරිය ඉන්දීය මුදල් අමාත්‍යවරියගේ සංචාරය මෙරට හා ඉන්දියාව අතර සමීපතාවය තවදුරටත් වර්ධනය කිරීමට පිටිවහලක් වනු ඇතැයි ද කියා සිටියා.

මෙම වැඩසටහන් අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුලු පිරිසක් ද එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?