ඉන්දීය මුදල් ඇමතිනිය මහනුවරට

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය දළදා මාළිගාව වැඳ පුදාගෙන තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ අනතුරුව අමාත්‍යවරිය මල්වතු පාර්ශවයේ මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් ද බැහැදුටු බවයි.

ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා ඉන්දීය රජය දක්වන සහය අගය කරන බවයි මෙහිදී මල්වතු මහානාහිමියන් ප්‍රකාශ කළේ.

ඉන්දීය මුදල් අමාත්‍යවරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිමින් ජත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවේ කරුණු දක්වමින් දැක්වූ සහයෝගය සම්බන්ධයෙන් සමස්ත ශ්‍රී ලංකීය ජනතාවගේ කෘතඥතාව ඇයට හිමිවන බව ද උන්වහන්සේ සඳහන් කළා.

ආර්ථික අර්බුදය හමුවේ ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ණය ආධාර ලබා දෙමින් නිරන්තරව සහෝදර රටක් ලෙස සහයට සිටි බවත් ඉදිරියේදීත් එම සහෝගය අපේක්ෂා කරන බවත් කී මහනාහිමියන් දෙරට අතර පවත්නා ආගමික හා සංස්කෘතික බැඳීම තව දුරටත් වර්ධනය වීමට මෙය හේතු වනු ඇති බවයි අවධාරණය කළේ.

සහෝදර රටක් ලෙස ඉන්දියාව නිරන්තරයෙන් ශ්‍රී ලංකාවේ සහායට සිටින බව මෙහි දී සීතාරාමන් මහත්මිය පෙන්වා දුන්නා.

ඉන්දීය මුදල් ඇමැතිවරිය අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ද බැහැදැක සාකච්ඡාවක නිරත වුණා.

අනතුරුව ඇය ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු මහා විෂ්ණු දේවාලය වන්දනා කිරීමට ද ගිය බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මෙම අවස්ථාවට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ද එක්ව සිටියා.

ඉන්දීය මුදල් අමාත්‍යවරිය අනුරාධපුරයේ ද සංචාරයක නිරත වීමට සූදානම් අතර මෙරට විහාරස්ථානවල සංවර්ධනය වෙනුවෙන් ඇමරිකා ඩොලර් මිලියන 15ක් ඉන්දියාවෙන් ලබාදී ඇතැයි ඔහු සඳහන් කළා.

එමෙන්ම මෙරට විහාරස්ථානවලට සූර්ය පැනල සවි කිරීමට ඩොලර් මිලියන 10ක් ඉන්දීය අගමැතිවරයාගේ උපදෙස් අනුව වෙන්කර ඇති බවයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.

අද පෙරවරුවේ දිවයිනට පැමිණි ඉන්දීය මුදල් අමාත්‍යවරිය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් විසින් පිළිගනු ලැබුවා.

මෙම සංචාරයේදී ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වීමට ද නියමිත අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ ද සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.

ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජාතිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමේ 200 වැනි සංවත්සරය සැමරීම සඳහා රජය විසින් සංවිධානය කරන ලද උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අමාත්‍ය සීතාරාමන් එක්වීමට ද නියමිතව තිබෙනවා.

ඉන්දීය දේශපාලන පක්ෂවල අනෙකුත් ආරාධිතයින් සහ මැලේසියානු දෙමළ කොංග්‍රසයේ නියෝජිතයින් ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතයි.

අමාත්‍ය සීතාරාමන් මහත්මිය සිය සංචාරයේදී ත්‍රිකුණාමලයේ සහ යාපනයේ ඉන්දීය රාජ්‍ය බැංකු ශාඛා විවෘත කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

තවද, මුදල් අමාත්‍ය සීතාරාමන් සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය, ත්‍රිකුණාමලයේ තිරුකෝනේශ්වරම් කෝවිල සහ යාපනයේ නල්ලූර් කන්දස්වාමි කෝවිල වෙත පැමිණීමට ද නියමිතයි.

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ශ්‍රී ලංකාවේ සංචාරය අතරතුර ලංකා IOC තෙල් ටැංකි, යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය සහ යාපනය මහජන පුස්තකාලය නැරඹීමට ද නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13