ඉන්දීය දේශීය තරග බිමේ පෙරළිකාරයා අවසානයේ ටෙස්ට් කැප් තොප්පිය පළඳීයි (ඡායාරූප)

වසර ගණනාවක කැපකිරීම සහ දේශීය ක්‍රිකට් පිටියේ දී දැක් වූ ඉහළ දක්ෂතා හේතුවෙන් යොවුන් ක්‍රීඩක සර්ෆරාස් ඛාන් අද (15) ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකර ගත්තා.

ඒ, එංගලන්තය සමඟ අද රාජ්කොට් හිදී ආරම්භ වූ තුන්වන ටෙස්ට් තරගයේ දීයි.

ඉන්දීය සංචිතය නම්කර සිටි ලෝකේශ් රාහුල් ආබාධයකට ලක්වීමත් සමඟ ඉන්දීය සංචිතය සඳහා සර්ෆරාස් ඛාන් කැඳවනු ලැබුවා.

අද දිනයේ සර්ෆරාස් ඛාන්, අනිල් කුම්බ්ලේ අතින් ඉන්දීය ටෙස්ට් ටෙස්ට් කැප් තොප්පිය හිස පැළඳි අවස්ථාවට ඔහුගේ පියා වන නෞෂාඩ් ඛාන් ද එක්ව සිටි අතර, එම අවස්ථාවේ දී ඔහුගේ දෙනෙතින් කඳුළු ගලනා අයුරු කැමරා කාචයේ සටහන්ව තිබුණා.

26 හැවිරිදි සෆ්රාස් දේශීය ක්‍රිකට් පිටිය තුළ දැක් වූ ඉහළ දක්ෂතා මත ඔහු ඉන්දීය ජාතික කණ්ඩායම වෙත කැඳවීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවදානය සහ බොහෝ පිරිසකගේ ප්‍රශ්න කිරීමට ද ලක් වූ කරුණක්.

දේශීය ක්‍රිකට් පිටියේ පෙරළිකාර චරිතයක් වූ සර්ෆරාස් ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවට තමන්ගේ වටිනාකම පිළිබඳව ඒත්තු ගැන්වීමට කටයුතු කරන ආකාරය ද ඇතැම් අවස්ථාවල දී දැකගත හැකි වුණා.

376008
376010
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
5
+1
1
+1
3
+1
2
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29