Empty Ad
AFC Banner
Empty Ad

ඉන්දීය ජනපති පැසිෆික් සංචාරය අරඹයි

ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු ඉන්දියාවේ ‘Act East’ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාම අමුණු කර ගනිමින් ෆීජි, නවසීලන්තය සහ ටිමෝර්-ලෙස්තේ වෙත තෙදින සංචාරයක් ආරම්භ කළා.

සංචාරයේ පළමු අදියරේදී ජනාධිපතිවරිය ෆීජි රාජ්‍යයේ රාජ්‍ය සංචාරයක නිරත වන අතර ඉන් අනතුරුව නවසීලන්තයේ සහ ටිමෝර්-ලෙස්තේ හි සංචාරයක නිරත වනු ඇති.

මෙම සංචාරය ඉන්දියාව සහ එම රටවල් අතර අතර ඓතිහාසික සබඳතාවලට තවදුරටත් ශක්තියක් වනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් X සටහනක් තබමින් ප්‍රකාශ කළා.

මෙම සංචාරය ඉන්දියාව සහ පැසිෆික් රටවල් අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරන අතර නැගෙනහිර සමග කටයුතු කිරීමේ ප්‍රතිපත්තිය කෙරෙහි ඉන්දියාවේ අවධානය පිළිබිඹු කරන්නක්.

ෆීජි ජනාධිපති Ratu Wiliame Maivalili Katonivere ගේ ආරාධනයකට අනුව ජනාධිපති මුර්මු ඊයේ දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ෆීජි වෙත පැමිණියා.

ඉන්දීය රාජ්‍ය නායකයෙකු ෆීජි වෙත පැමිණෙන පළමු අවස්ථාව මෙය වීමත් විශේෂත්වයක්.

ඇය ජනාධිපති Katonivere සහ අගමැති Sitiveni Rabuka සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ෆීජි පාර්ලිමේන්තුව ඇමතීමට මෙන්ම එරට සිටින ඉන්දියානු ඩයස්පෝරාව ද හමුවනු ඇති.

සංචාරයේ දෙවැනි ගමනාන්තය ලෙස ජනපති මුර්මු හෙට නවසීලන්තය ළඟා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර කතාව කරන අතරතුර හොඳටම තදවුණු අන්කල් සැරටම බැනපු හැටි
02:31
Video thumbnail
ජනපති අනුර තිස්සමහරාම රැලියේ රටටම හෙළිකරපු දේ
18:11
Video thumbnail
සුපුරුදු ස්වරයෙන් ජනපති තිස්සමහරාමය සැරටම අමතපු හැටි
10:31
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන තිස්සමහරාම ජනතා රැලිය - සජීවීව
02:13:36
Video thumbnail
උණුසුම් පිළිගැනීමක් මැද එකපාරටම අනුර තිස්සමහරාම වේදිකාවට ගොඩවෙයි
00:55
Video thumbnail
අඩුවක් නැතිව සෙනග පිරුණු මාලිමාවේ රැලිය දෙවනත් කරපු අපේක්ෂිකාව
07:47
Video thumbnail
වෛද්‍යවරයෙකුට කළ අහස පොළොව නුහුලන වැඩක්
10:58
Video thumbnail
අලිමංකඩ ලුණු ලේවායත් රන් අකුරින් ලියන්නට සුදානම්
09:39
Video thumbnail
උතුම් ශ්‍රී දළදා දැක්මට සියල්ල සූදානම්
00:35
Video thumbnail
පුංචි ඡන්දෙ ගොඩදාගන්න වැඩේට බැහැපු සජිත් ඇක්ෂන් දාලා ආණ්ඩුවට දෙසපු හැටි
09:29

?