AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය කොමියුනිස්ට් නායක සීතාරාම් යෙචුරි මිය යයි

ඉන්දියාවේ විශාලතම කොමියුනිස්ට් පක්ෂයේ නායකයා වූ සීතාරාම් යෙචුරි මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මිය යන විට ඔහු වයස අවුරුදු 72 පසුවුණා.

උග්‍ර ශ්වසන ආසාදනයක් හේතුවෙන් හෙතෙම දිල්ලි රෝහලක ප්‍රතිකාර ලබමින් සිට තිබුණා.

ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වූ යෙචුරි දශක කිහිපයක් පුරා ඉන්දියා දේශපාලනයේ ප්‍රබල චරිතයක් ලෙස කටයුතු කළ බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ.

යෙචුරි සිය දේශපාලන ජීවිතය ආරම්භ කර ඇත්තේ, ඉන්දියාවේ වාමාංශික ශිෂ්‍ය සම්මේලනය සමඟ ශිෂ්‍ය නායකයෙකු ලෙස සම්බන්ධ වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?