ඉන්දීය කණ්ඩායම ඔස්ට්‍රෙලියාවට වඩා ලකුණු 145ක් ඉදිරියෙන්

බෝඩර් ගවස්කා‍ර් ටෙස්ට් කුසලානයේ අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට සංචාරක ඉන්දීය කණ්ඩායම කඩුලු 06ක් දැවී ඔස්ට්‍රෙලියාවට වඩා පළමු ඉනිමෙන් ලකුණු 145ක් ඉදිරියෙන් සිටිනවා.

තරගය ඊයේ (03) සිඩ්නි නුවර දී ආරම්භ වූයේ කාසියේ වාසිය නායක ජස්ප්‍ර්‍රිට් බුම්‍රාට හිමිකර දෙමින්.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම පළමු ව ලකුණු රැස් කිරීමට තීරණය කළා.

ඔස්ට්‍රෙලියානු පන්දු බලඇණියේ පීඩනය හමුවේ ඉන්දීය පිල සිය පළමු ඉනිමට රැස් කළේ ලකුණු 185ක් පමණි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ස්කොට් බෝලන්ඩ් කඩුලු 04ක් බිඳ හෙලුවා.

මිචෙල් ස්ටාක් කඩුලු 03ක්, පැට් කමින්ස් කඩුලු 02ක් සහ එක් කඩුල්ලක් නෙතන් ලියෝන් බිඳ හෙලුවා.

පළමු ඉනිම වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ රිෂාබ් පාන්ට්.

පාන්ට් ලකුණු 40ක් රැස් කළා.

ඉන් අනතුරුව සිය පළමු ඉනිම පිතිකරණය ඇරඹි ඔස්ට්‍රෙලියාවට කිසිදු ලෙසකින් සාර්ථක පිතිකරණයක නියැලෙන්නට ඉන්දීය වේග පන්දු බලඇණිය ඉඩදුන්නේ නැහැ.

මංගල ටෙස්ට් වරම් දිනූ බියූ වෙබ්ස්ටර් පමණක් ඔස්ට්‍රෙලියා පිතිකරුවන්ගෙන් පළමු ඉනිමේ දී සාර්ථක වූයේ සිය කුළුදුල් ටෙස්ට් අර්ධ ශතකය ලබා ගනිමින්.

ස්ටීවන් ස්මිත් ලකුණු 33කට දැවී ගියා.

කඩුලු බිඳ හෙලීමේ දී මොහොමඩ් සිරාජ් සහ ප්‍රසිද්ධ් ක්‍රිෂ්ණා කඩුලු 03 බැගින්, බුම්‍රා සහ නිටිෂ් කුමාර් කඩුලු 02ක බැගින් බිඳ හෙලුවා.

ඉන් අනතුරුව සිය දෙවැනි ඉනිමට පිතිකරණය ඇරඹි ඉන්දීය කණ්ඩායමේ කඩුලු කෙටි ඉනිමක් තුළ බිඳ දමන්නට ඔස්ට්‍රෙලියාව යළිත් සමත් වුණා.

තම කණ්ඩායමට වඩා ලකුණු 04ක් පමණක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹි ඉන්දියාව දිනය අවසන් කළේ තවත් කඩුලු 04ක් පමණක් හෙට (05) දිනට ඉතිරි කරගනිමින්.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ රිෂාබ් පාන්ට් ලකුණු 61ක් රැස් කළා.

ජයිස්වාල් ලකුණු 22යි.

අද දිනයේදිත් විරාට් කෝලි අසාර්ථක වූයේ මෙම තරග 05 ම එක් ශතකයක් පමණක් ලබාගනිමින්.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ස්කොට් බෝලන්ඩ් කඩුලු 04ක් බිඳ දැමූ අතර වෙබ්ස්ටර් සහ කමින්ස් එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

හෙට තරගයේ තෙවැනි දිනයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17


?