AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දීය ආරක්ෂක ඇමතිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන නිවේදනයක්

ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා සමාලෝචනය කිරීම සඳහා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මේ සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරනවා.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා හෙට සහ අනිද්දා දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනු ඇති බවයි.

මෙම සංචාරයේදී ශ්‍රී රාජ්නාත් සිං මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

මෙම සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ ආරක්ෂක සබඳතාවල සම්පූර්ණ පරාසය සමාලෝචනය කෙරෙනු ඇති.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා නුවරඑළියේ සහ ත්‍රිකුණාමලයේ ද සංචාරය කිරීමට නියමිතයි.

ශ්‍රී රාජ්නාත් සිංගේ මෙම සංචාරය ශ්‍රී ලංකාව සමඟ පවතින උණුසුම් සහ මිත්‍රශීලී සබඳතා තවදුරටත් ඉදිරියට ගෙන යාමට ඉන්දියාවේ අඛණ්ඩ කැපවීම නැවත අවධාරණය කරන බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙන්නේ.

ආරක්ෂක ක්ෂේත්‍රයේ දෙරට අතර පවතින මිත්‍රත්වයේ කල්පවත්නා බැඳීම් ශක්තිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් මෙම සංචාරය මගින් සනිටුහන් කෙරෙන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?