ඉන්දීය ආරක්ෂක ඇමතිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන නිවේදනයක්

ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා සමාලෝචනය කිරීම සඳහා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මේ සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරනවා.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා හෙට සහ අනිද්දා දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනු ඇති බවයි.

මෙම සංචාරයේදී ශ්‍රී රාජ්නාත් සිං මහතා ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

මෙම සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ ආරක්ෂක සබඳතාවල සම්පූර්ණ පරාසය සමාලෝචනය කෙරෙනු ඇති.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා නුවරඑළියේ සහ ත්‍රිකුණාමලයේ ද සංචාරය කිරීමට නියමිතයි.

ශ්‍රී රාජ්නාත් සිංගේ මෙම සංචාරය ශ්‍රී ලංකාව සමඟ පවතින උණුසුම් සහ මිත්‍රශීලී සබඳතා තවදුරටත් ඉදිරියට ගෙන යාමට ඉන්දියාවේ අඛණ්ඩ කැපවීම නැවත අවධාරණය කරන බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙන්නේ.

ආරක්ෂක ක්ෂේත්‍රයේ දෙරට අතර පවතින මිත්‍රත්වයේ කල්පවත්නා බැඳීම් ශක්තිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් මෙම සංචාරය මගින් සනිටුහන් කෙරෙන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13