චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී, ඔහුගේ ඉන්දීය සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සමඟ හමුව ඊයේ (19) නවදිල්ලියේදී පැවැත්වුණා.
ඉන්දියාව සහ චීනය අතර සබඳතා ඵලදායි කිරීමේ අරමුණෙන් දෙරට අතර කාලාන්තරයක් අතර පවතින දේශසීමා නිවැරදිම නිර්ණය කර ගැනීම අවශ්‍යතාවය පිළිබද මෙම සාකච්චාවේදී තීරණය වී තිබෙනවා.
එම දේශසීමා නිර්ණය කර ගැනීමට රටවල් දෙකම නියෝජනය වන පරිදි විශේෂඥ කණ්ඩායමක් පත් කිරීමට ඔවුන් එකඟ වූ බවයි පැවසෙන්නේ.
එමෙන්ම රටවල් දෙක අතර වෙළද සබඳතා නැවත ශක්තිමත් කිරීම වෙනුවෙන් ද දෙපාර්ශවයේම එකඟතාවය හිමි ව ඇති බවට වාර්තා වනවා.
චීන විදේශ අමාත්‍ය වැන්ග් යී හමුවීමෙන් පසු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දෙපාර්ශවය අතර සෘජු ගුවන් ගමන් හැකි ඉක්මනින් නැවත ආරම්භ කිරීමට තීරණ වූ බවයි.
මෑත කාලීනව වර්ධනයක් දක්නට ලැබූ මෙම ඉන්දු – චීන සබඳතා අඛන්ඩව පවත්වා ගැනීම සඳහා දෙරටේම අවධානය හිමිව තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අගෝස්තු මස අගදී ෂැංහයි සහයෝගිතා සංවිධානය සමුළුව සඳහා ද සහභාගී වීමට නියමිතයි.





