ඉන්දීය අගමැති සහ චීන විදේශ ඇමති නවදිල්ලියේදී හමු වෙයි

චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී, ඔහුගේ ඉන්දීය සංචාරය අත‍රතුර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සමඟ හමුව ඊයේ (19) නවදිල්ලියේදී පැවැත්වුණා.

ඉන්දියාව සහ චීනය අතර සබඳතා ඵලදායි කිරීමේ අරමුණෙන් දෙරට අතර කාලාන්තරයක් අතර පවතින දේශසීමා නිවැරදිම නිර්ණය කර ගැනීම අවශ්‍යතාවය පිළිබද මෙම සාකච්චාවේදී තීරණය වී තිබෙනවා.

එම දේශසීමා නිර්ණය කර ගැනීමට රටවල් දෙකම නියෝජනය වන පරිදි විශේෂඥ කණ්ඩායමක් පත් කිරීමට ඔවුන් එකඟ වූ බවයි පැවසෙන්නේ.

එමෙන්ම රටවල් දෙක අතර වෙළද සබඳතා නැවත ශක්තිමත් කිරීම වෙනුවෙන් ද දෙපාර්ශවයේම එකඟතාවය හිමි ව ඇති බවට වාර්තා වනවා.

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී හමුවීමෙන් පසු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දෙපාර්ශවය අතර සෘජු ගුවන් ගමන් හැකි ඉක්මනින් නැවත ආරම්භ කිරීමට තීරණ වූ බවයි.

මෑත කාලීනව වර්ධනයක් දක්නට ලැබූ මෙම ඉන්දු – චීන සබඳතා අඛන්ඩව පවත්වා ගැනීම සඳහා දෙරටේම අවධානය හිමිව තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අගෝස්තු මස අගදී ෂැංහයි සහයෝගිතා සංවිධානය සමුළුව සඳහා ද සහභාගී වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23