ඉන්දීය අගමැති මෝදිට එරෙහිව විශ්වාසභංගයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එරෙහිව එරට පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන ඒමට ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම් සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට බලය හිමි මනිපූර් ප්‍රාන්තයේ වාර්ගික ගැටුම් උත්සන්න වීමත් සමඟ මෙම විශ්වාසභංගය නරේන්ද්‍ර මෝදිට එරෙහිව ගෙන එන බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම ගැටුම් හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 130කට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇති අතර, 60,000 කට වැඩි සංඛ්‍යාවක් අවතැන්ව සිටිනවා.

2014 වසරේ දී බලයට පත් වූ පසු මෝදි අග්‍රාමාත්‍යවරයාගේ රජය විශ්වාසභංගයකට මුහුණ දෙන දෙවන අවස්ථාව මෙයයි.

2018 දී, ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට විශේෂ ප්‍රවර්ග තත්ත්වයක් ලබාදීමේ ගැටලුව සම්බන්ධයෙන් නීති සම්පාදකයෙකු විසින් විශ්වාසභංගය යෝජනාවක් ඉදිරිපත් කළ අතර, පැය 12 ක විවාදයකින් පසුව එය පරාජයට පත් වුණා.

විශ්වාසභංගයක් ඉදිරිපත් කළ හැක්කේ ලෝග් සභාවට පමණක් වන අතර, අවම වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50 දෙනෙකු ඊට සහාය දෙන්නේ නම් එය පිළිගනු ලබනවා.

එය පිළිගත් පසු කථානායකවරයා දින 10ක් ඇතුළත ඡන්දයක් සඳහා දිනයක් ප්‍රකාශයට පත් කරනු ඇති.

ආණ්ඩුවට බහුතරය ඔප්පු කිරීමට නොහැකි වුණොත් ආණ්ඩුවට ඉල්ලා අස්වීමට සිදුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?