ඉන්දීය අගමැති මෝදිට එරෙහිව විශ්වාසභංගයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එරෙහිව එරට පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන ඒමට ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම් සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට බලය හිමි මනිපූර් ප්‍රාන්තයේ වාර්ගික ගැටුම් උත්සන්න වීමත් සමඟ මෙම විශ්වාසභංගය නරේන්ද්‍ර මෝදිට එරෙහිව ගෙන එන බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම ගැටුම් හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 130කට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇති අතර, 60,000 කට වැඩි සංඛ්‍යාවක් අවතැන්ව සිටිනවා.

2014 වසරේ දී බලයට පත් වූ පසු මෝදි අග්‍රාමාත්‍යවරයාගේ රජය විශ්වාසභංගයකට මුහුණ දෙන දෙවන අවස්ථාව මෙයයි.

2018 දී, ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට විශේෂ ප්‍රවර්ග තත්ත්වයක් ලබාදීමේ ගැටලුව සම්බන්ධයෙන් නීති සම්පාදකයෙකු විසින් විශ්වාසභංගය යෝජනාවක් ඉදිරිපත් කළ අතර, පැය 12 ක විවාදයකින් පසුව එය පරාජයට පත් වුණා.

විශ්වාසභංගයක් ඉදිරිපත් කළ හැක්කේ ලෝග් සභාවට පමණක් වන අතර, අවම වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50 දෙනෙකු ඊට සහාය දෙන්නේ නම් එය පිළිගනු ලබනවා.

එය පිළිගත් පසු කථානායකවරයා දින 10ක් ඇතුළත ඡන්දයක් සඳහා දිනයක් ප්‍රකාශයට පත් කරනු ඇති.

ආණ්ඩුවට බහුතරය ඔප්පු කිරීමට නොහැකි වුණොත් ආණ්ඩුවට ඉල්ලා අස්වීමට සිදුවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14