Empty Ad
AFC Banner
AFC Banner

ඉන්දියාව සහ ගයනාව අවබෝධතා ගිවිසුම් 10කට අත්සන් තබයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ගයානා සංචාරය අතරතුර දී එරට රජය සහ ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුම් 10කට එළඹ තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ; කෘෂිකර්මය, හයිඩ්‍රොකාබන්, ඉන්දීය ගෙවීම් පද්ධතියක් වන UPI සහ ආරක්ෂක කටයුතු ආවරණය වන පරිදි මෙම නව ගිවිසුම් 10 සමන්විත බවයි.

බොරතෙල් ලබා ගැනීම, ස්වාභාවික වායු සහයෝගීතාව සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඒකාබද්ධ උත්සාහයන් කෙරෙහි අවධානය යොමු කරමින් හයිඩ්‍රොකාබන් අංශයේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ගයානා හි ප්‍රධාන ගිවිසුම්වලට අන්තර්ගත බවත් වාර්තා වනවා.

මෙම ගිවිසුම්වල සඳහන් පරිදි දෙපාර්ශ්වයේ ම අදාළ ක්ෂේත්‍රවලට විශේෂඥ සහාය ලබා දීම ද ඇතුළත් කර තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ (MEA) නිල මාධ්‍ය නිවේදනයකට අනුව කෘෂිකර්මාන්තයේ සහ ඒ ආශ්‍රිත අංශවල ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් මගින් ඒකාබද්ධ ක්‍රියාකාරකම් පෝෂණය කිරීමට සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා විද්‍යාත්මක ද්‍රව්‍ය හා විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීමට දැරූ අන්තර්ජාතික වෑයමක් ලෙසයි සැලකෙන්නේ.

ඖෂධ නියාමනය වැඩිදියුණු කිරීම සඳහා ඉන්දියානු ඖෂධ නියාමනය පිළිගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක් සහ කැරිබියානු රටවලට දැරිය හැකි මිලකට ඖෂධ සැපයීම සඳහා ජනෞෂධි යෝජනා ක්‍රමය (PMBJP) ක්‍රියාත්මක කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමක් ද මෙහිදී අත්සන් තැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57
Video thumbnail
20% විදුලි බිල අඩු කළාටමහජන උපයෝගිතා කොමිසමට ස්තූතියි
06:14
Video thumbnail
කෝච්චි පෙට්ටියේ Massage කරන එක හොඳයිද? අපිලගේ සාදුට යකා වැහෙයි
05:05
Video thumbnail
ජූලි චන් මහත්මිය මිහින්තලා හිමියන් මුණගැසෙයි
04:03
Video thumbnail
රෙදිපිළි කර්මාන්තයේ අයට විදුලි බිල අඩුවීම සුබ ආරංචියක්
02:45
Video thumbnail
ඔයාලට මාධ්‍ය දකිනකොට අප්පිරියයි නම් - ඒක තමයි රටේ දැන් තත්ත්වේ
03:35
Video thumbnail
බලය දුන්නොත් ලොවෙත් නැතිවෙන්න - විදුලි බිල අඩු කරන්නම් කියලා කිව්වේ
13:58

?