ඉන්දියාව බංග්ලාදේශයෙන් ආනයනය කරන භාණ්ඩ සීමා කරයි

ඉන්දීය රජය විසින් බංග්ලාදේශයෙන් ආනයනය කරන භාණ්ඩ සීමා කිරීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම භාණ්ඩවලින් සියයට 42ක් මෙලෙස සීමා කිරීමට ඉන්දියාව තීරණය කර ඇති බවයි.

ඉන්දියාව බංග්ලාදේශයෙන් ගොඩබිම් – වරායන් හරහා ආනයනය කිරීම සඳහා නව සීමාවන් පනවමින්, එය ඇමරිකානු ඩොලර් මිලියන 770 ක් පමණ වටිනා භාණ්ඩවලට බලපෑමක් එල්ල කරන බවයි වාර්තා වන්නේ.

මෙය සමස්ත ද්විපාර්ශ්වික ආනයනවලින් සියයට 42කට ආසන්න ප්‍රමාණයක් බව වෙළඳ පර්යේෂණ කණ්ඩායමක් වන ගෝලීය වෙළඳ පර්යේෂණ මුලපිරීම (GTRI) පවසනවා.

විදේශ වෙළඳ අධ්‍යක්ෂ ජනරාල් (DGFT) හි උපදෙස් අනුව වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය පෙරේදා (මැයි 17) මෙම නිවේදනය නිකුත් කළා.

මෙම පියවර මගින් නිමි ඇඳුම්, සැකසූ ආහාර සහ ප්ලාස්ටික් අයිතම ඇතුළු භාණ්ඩ රැසකට සීමා පැනවෙනු ඇති.

මූලාශ්‍රයhttps://tinyurl.com/yyufmkjm

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?