AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාව න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක දෙවැනි සබ්මැරීනයත් දියත් කරයි

ඉන්දියාව න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සිය දෙවන සබ්මැරීනය, න්‍යෂ්ටික බැලස්ටික් මිසයිල සහිත INS Arighat ලෙස ඊයේ (29) දියත් කළා.

කිලෝමීටර් 750 ක ප්‍රහාරක පරාසයක් ඇති K-15 මිසයිල වලින් සන්නද්ධ වූ මීටර් 112කට ආසන්න දිග සබ්මැරීනය දියත් කෙරුණේ විශාකාපට්නම් හි දීයි.

රටේ ‘න්‍යෂ්ටික ත්‍රිත්වය’ හෙවත් ගොඩබිමෙන්, ගුවනින් සහ මුහුදෙන් න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා 2018 දී පූර්ණ ලෙස ක්‍රියාත්මක වූ ඇගේ පූර්වගාමියා වන INS Arihant සමඟ INS Arighat දැන් එක්වනු ඇති.

ටොන් 7,000 ක තරමක් විශාල යාත්‍රාවක් වන තුන්වන න්‍යෂ්ටික සබ්මැරීනය ලබන වසරේ ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිත අතර ඊට කිලෝමීටර් 3500ක් දුරින් ඉලක්ක වෙත පහර දිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?