Empty Ad
AFC Banner
Empty Ad

ඉන්දියාවේ සූර්යය බලයෙන් එළිය ලබන ෆීජි දූපත්

පැසිෆික් දූපත් රටවල් 14ක් පුරා නිවාස 2,800කට විදුලිය ලබාදීමේ මෙහෙවරේ වැදගත් සන්ධිස්ථානයක් ෆීජි හි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර තිබෙනවා.

මෙම මුලපිරීමේ කොටසක් ලෙස, ඉන්දියාවේ බෙයාෆුට් කොලේජ් සහ දේශීයව කළමනාකරණය කරන සමුද්‍ර ප්‍රදේශ ජාලය, සුවා හි වීඩෝගෝ ජනාවාසයේ අමතර නිවාස 27 කට සූර්ය බලයෙන් විදුලිය ලබා දී තිබෙනවා.

මෙමගින් නිවාස 400 ඉලක්කය වෙත ළඟා වීමට ඉතිරිව ඇත්තේ 33ක් පමණයි.

ආන්තික ප්‍රජාවන්හි කාන්තාවන් සහ ගැහැණු ළමුන් සඳහා වෘත්තීය සහ අධ්‍යාපන අවස්ථා ලබාදීම, දේශගුණය, ආර්ථික සහ සමාජීය ඔරොත්තු දීමේ හැකියාව පෝෂණය කිරීම ද ව්‍යාපෘතියේ අරමුණයි.

රටවල් 93ක් පුරා ගම්මාන 2,000කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වන බෙයාෆුට් කොලේජ් ඉන්ටර්නැෂනල්, පැසිෆික් දූපත් රටවල් 13ක් පුරා කාන්තාවන් 77ක් සූර්ය ඉංජිනේරුවන් ලෙස පුහුණු කර ඇති අතර, ප්‍රජාවන්ට පිරිසිදු ජලය, තිරසාර ජීවනෝපායන් සහ පුනර්ජනනීය බලශක්තිය වෙත ප්‍රවේශ වීමට හැකි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?