ඉන්දියාවේ සිට පැමිණි පූජකවරයෙකු හරවා යවයි

ඉන්දියාවේ සිට මෙරටට පැමිණ යාපනය ප්‍රදේශයේ ” ආශීර්වාද දේව මෙහෙයයන් ” සිදු කිරීමට සූදානම් වූ පූජකවරයෙකු ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් සිව් දෙනෙකු ආපසු ඉන්දියාවට හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ යාපනය ප්‍රදේශයේ ජනතාවගෙන් ඔවුන්ට එල්ල වූ විරෝධතාවක් හේතුවෙන්.

පෝල් තිනකරන් (Paul Dhinakaran) නැමැති මෙම පූජකවරයා සමග ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා පසුගිය 15 වනදා ව්‍යාපාරික වීසා යටතේ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා.

අනතුරුව ඔවුන් ඊයේ (23) අභ්‍යන්තර ගුවන් ගමනක යෙදෙමින් රත්මලාන සිට පලාලි වෙත ගොස් ඇත්තේ “මනිපායි” හිදී ආශීර්වාද මෙහෙයන් දෙකක් පැවැත්වීම සඳහායි.

අද සහ හෙට (25) දින එම ආශීර්වාද මෙහෙයන් පැවැත්වීමට සැලසුම් කර තිබූ බව සඳහන්.

එහෙත් මේ පිළිබඳව ප්‍රදේශවාසී ජනතාව පෝස්ටර් අලවමින් දැඩි විරෝධතාවක් දක්වා තිබෙනවා.

මේ පිළිබඳව අවධානය යොමු කළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ව්‍යාපාරික වීසා යටතේ පැමිණ ආගමික මෙහෙයන් පැවැත්වීම සහ ප්‍රදේශය පුරා මෙම ආශීර්වාද මෙහෙයන් සඳහා පවතින ජනතා විරෝධතා සැළකිල්ලට ගෙන මෙම පිරිස ආපසු ඉන්දියාව බලා පිටත් කර හැරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව මෙම පූජකවරුන් ඇතුළත් පවුලේ සාමාජිකයන් පිරිස අද දින පස්වරු 01.45ට කටුනායක ගුවන් තොටුපළෙන් , ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 127 දරන ගුවන් යානයෙන් පිටත් කර යවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?