ඉන්දියාවේ සිට පැමිණි පූජකවරයෙකු හරවා යවයි

ඉන්දියාවේ සිට මෙරටට පැමිණ යාපනය ප්‍රදේශයේ ” ආශීර්වාද දේව මෙහෙයයන් ” සිදු කිරීමට සූදානම් වූ පූජකවරයෙකු ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් සිව් දෙනෙකු ආපසු ඉන්දියාවට හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ යාපනය ප්‍රදේශයේ ජනතාවගෙන් ඔවුන්ට එල්ල වූ විරෝධතාවක් හේතුවෙන්.

පෝල් තිනකරන් (Paul Dhinakaran) නැමැති මෙම පූජකවරයා සමග ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා පසුගිය 15 වනදා ව්‍යාපාරික වීසා යටතේ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා.

අනතුරුව ඔවුන් ඊයේ (23) අභ්‍යන්තර ගුවන් ගමනක යෙදෙමින් රත්මලාන සිට පලාලි වෙත ගොස් ඇත්තේ “මනිපායි” හිදී ආශීර්වාද මෙහෙයන් දෙකක් පැවැත්වීම සඳහායි.

අද සහ හෙට (25) දින එම ආශීර්වාද මෙහෙයන් පැවැත්වීමට සැලසුම් කර තිබූ බව සඳහන්.

එහෙත් මේ පිළිබඳව ප්‍රදේශවාසී ජනතාව පෝස්ටර් අලවමින් දැඩි විරෝධතාවක් දක්වා තිබෙනවා.

මේ පිළිබඳව අවධානය යොමු කළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ව්‍යාපාරික වීසා යටතේ පැමිණ ආගමික මෙහෙයන් පැවැත්වීම සහ ප්‍රදේශය පුරා මෙම ආශීර්වාද මෙහෙයන් සඳහා පවතින ජනතා විරෝධතා සැළකිල්ලට ගෙන මෙම පිරිස ආපසු ඉන්දියාව බලා පිටත් කර හැරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව මෙම පූජකවරුන් ඇතුළත් පවුලේ සාමාජිකයන් පිරිස අද දින පස්වරු 01.45ට කටුනායක ගුවන් තොටුපළෙන් , ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 127 දරන ගුවන් යානයෙන් පිටත් කර යවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21