AFC Banner
AFC Banner
Empty Ad

ඉන්දියාවේ මද්‍රසා පාසලක් තුළ සිසුවෙකු ඝාතනය කරලා

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ කචාර් ප්‍රදේශයේ මද්‍රසා පාසලක් තුළ සිසුවෙකු ඝාතනය කළ බවට ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර ගුරුවරයා විසින් මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම මද්‍රසා පාසලේ ඉගෙනුම ලැබූ 11 හැවිරිදි සිසුවෙක් බවයි වාර්තා කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුගෙන් පැය ගණනක් කළ ප්‍රශ්න කිරීම්වලින් පසු ඔහු අපරාධය පාපොච්චාරණය කළ බව ඉන්දීය පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම සිසුවා මීට මාස හතරකට පෙර මද්‍රසාවට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ වැඩිමල් සහෝදරයෙක් ද එහි ඉගෙනුම ලබන බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය පවසන්නේ සිසුවාගේ උගුර කපා තිබූ බවට නිරීක්ෂණය වූ බවයි.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිල්චාර් වෛද්‍ය විද්‍යාලය සහ රෝහල වෙත යොමි කිරීමට කටයුතු කර තිබෙනවා.

සැකකාර ගුරුවරයා විසින් පළිගැනීමේ අරමුණින් සිසුවා ඝාතනය කර ඇති බවට හෙළිව ඇති අතර, එලෙස පළිගැනීමට හේතුව කුමක් දැයි ඉන්දීය මධ්‍ය වාර්තා කර තිබුණේ නැහැ.

2013 වසරේ දී මෙම මද්‍රසාව ආරම්භ කර ඇති අතර, සිද්ද්ධිය වන විට එහි සිසුන් 25 ක් පමණ නැවතී අධ්‍යාපනය ලබමින් සිටි බවටයි අනාවරණය වී ඇත්තේ.

මේ වන විය එම මද්‍රසා පාසලට මුද්‍රා තබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?