ඉන්දියාවේ මද්‍රසා පාසලක් තුළ සිසුවෙකු ඝාතනය කරලා

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ කචාර් ප්‍රදේශයේ මද්‍රසා පාසලක් තුළ සිසුවෙකු ඝාතනය කළ බවට ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර ගුරුවරයා විසින් මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම මද්‍රසා පාසලේ ඉගෙනුම ලැබූ 11 හැවිරිදි සිසුවෙක් බවයි වාර්තා කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුගෙන් පැය ගණනක් කළ ප්‍රශ්න කිරීම්වලින් පසු ඔහු අපරාධය පාපොච්චාරණය කළ බව ඉන්දීය පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම සිසුවා මීට මාස හතරකට පෙර මද්‍රසාවට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ වැඩිමල් සහෝදරයෙක් ද එහි ඉගෙනුම ලබන බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය පවසන්නේ සිසුවාගේ උගුර කපා තිබූ බවට නිරීක්ෂණය වූ බවයි.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිල්චාර් වෛද්‍ය විද්‍යාලය සහ රෝහල වෙත යොමි කිරීමට කටයුතු කර තිබෙනවා.

සැකකාර ගුරුවරයා විසින් පළිගැනීමේ අරමුණින් සිසුවා ඝාතනය කර ඇති බවට හෙළිව ඇති අතර, එලෙස පළිගැනීමට හේතුව කුමක් දැයි ඉන්දීය මධ්‍ය වාර්තා කර තිබුණේ නැහැ.

2013 වසරේ දී මෙම මද්‍රසාව ආරම්භ කර ඇති අතර, සිද්ද්ධිය වන විට එහි සිසුන් 25 ක් පමණ නැවතී අධ්‍යාපනය ලබමින් සිටි බවටයි අනාවරණය වී ඇත්තේ.

මේ වන විය එම මද්‍රසා පාසලට මුද්‍රා තබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල් නැගිටිලා සජිත්ගේ මුහුණටම කිව්ව දේ.. වැඩිම නිවාස නාස්ති කරපු පුද්ගලයා
05:00
Video thumbnail
අද දවස ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම - සජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
01:29
Video thumbnail
මුළු විපක්ෂයම නැගිටෙයි - 22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
02:27
Video thumbnail
මවන තරම් යකෙක් මෙතන නෑ -සජිත්ගේ කතාවට ඇමති හර්ෂණගෙන් සැර උත්තරයක්
18:05
Video thumbnail
එදා බෝ#බ ගැහුවා, අද 22වන සංශෝදනය ගේනවා - මේකත් කාල බෝ#බයක්
08:13
Video thumbnail
සමුපකාර දේපළ ටික දේශපාලඥයින් කොල්ලකාලා
03:50
Video thumbnail
කුලී යතුරුපැදි රියදුරෙකු අවසන් ගමන් යැවූ පිය පුතු දෙපළ රිමාන්ඩ් කරයි
00:42
Video thumbnail
දුර ඉඳන් බලද්දී කෙසෙල්, ළඟට ගියාම ගංජා
01:10
Video thumbnail
හබරකඩ වෙ# තැබීමේ CCTV දර්ශන එළියට
01:14
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.018
00:00