Empty Ad
AFC Banner
Empty Ad

ඉන්දියාවේ බෝට්ටුවක් පෙරළී ළමුන් 06ක් ජීවිතක්ෂයට – තවත් පිරිසක් අතුරුදන්

ඉන්දියාවේ ශ්‍රීනගර් හි බෝට්ටුවක් පෙරළීමෙන් ළමුන් 06 දෙනෙක් මියගොස් තවත් දසදෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.

ශ්‍රීනගර් හි ජෙලම් ගඟේ යාත්‍රාකළ බෝට්ටුවක් අද පෙරවරුවේ මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ දී එහි මගීන් 20 දෙනෙකුට වැඩි පිරිසක් සිට ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

රාජ්‍ය ආපදා සහන බලකාය අතුරුදන් වූ මගීන් සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය දින කිහිපය තුළ එම ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ගංඟාවේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?