AFC Banner
AFC Banner
Empty Ad

ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණයේ දී මෝදි බලය පිහිටුවයි

ඉන්දියාවේ ප්‍රාන්ත හතරක පැවැත් වූ මැතිවරණයෙන් එම ප්‍රාන්ත හතරෙන් තුනක බලය පිහිටුවීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට හැකිව තිබෙනවා.

මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථාන්, චතිස්ගාර් සහ තෙලංගනා යන ප්‍රාන්ත හතරේ මැතිවරණය මෙලෙස පැවැත් වූ අතර, එහිදී තෙලංගනා ප්‍රාන්තය හැර අනෙකුත් ප්‍රාන්ත තුනේ බලය පිහිටුවීම භාරතීය ජනතා පක්ෂයට මෙලෙස හැකියාව හිමිව ඇති බවයි ඉන්දිට මාධ්‍ය වාර්තා කළේ.

මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ආසන 230න්, 165ක් මෙවර මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂයට හිමිව ඇති අතර, රාජස්ථාන ප්‍රාන්තයේ ආසන 199න් 115ක් හිමිව ඇත්තේ එම පක්ෂයටයි.

ආසන 90ක් ඇති රාජස්ථාන ප්‍රාන්තයේ භාරතීය ජනතා පක්ෂය දිනූ ආසන සංඛ්‍යාව 56ක්.

භාරත් රාෂ්ට්‍ර සමිති නමැති ප්‍රදේශීය පක්ෂය බලය පිහිටුවා තිබූ තෙලංගනා ප්‍රාන්තයේ මෙවර මැතිවරණ ප්‍රතිඵලය අනුව එහි බලය පිහිටුවීමට ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රසයට හැකිව තිබෙනවා.

ඒ, අනුව තෙලංගනා ප්‍රාන්තයේ ආසන 119න ආසන 63ක් ජය ගැනීමට කොංග්‍රසයට හැකි වූ අතර, බලයේ සිටි භාරත් රාෂ්ට්‍ර සමිති පක්ෂයට ආසන 40ක් හිමි වුණා.

අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට ජයගත හැකි වූයේ ආසන 08ක් පමණයි.

මේ අතර ප්‍රාන්ත තුනක බලය පිහිටුවීමට සමත් වූ භාරතීය ජනතා පක්ෂය මුහුණ දෙන මීළඟ විශාල ප්‍රශ්නය වන්නේ මෙම ප්‍රාන්ත තුනේ මහ ඇමති ධූරය සඳහා පත්කරන්න කවුරුන් ද යන්නයි.

භාරතීය ජනතා පක්ෂය මැතිවරණයට පෙර කිසිඳු මහ ඇමතිවරයෙකුගේ මුහුණු ප්‍රක්ෂේපණය කර තිබුණේ නැහැ.

රාජස්ථාන් ප්‍රාන්තයේ වසුන්දරා රාජේ තෙවැනි වරටත් මහඇමති ධුරයට පත්වේදැයි අපේක්ෂා කරන අතර, හිටපු මහ ඇමති රමන් සිං මධ්‍ය ප්‍රදේශ්හි නායකත්වය සඳහා පත්වනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?