ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණයේ දී මෝදි බලය පිහිටුවයි

ඉන්දියාවේ ප්‍රාන්ත හතරක පැවැත් වූ මැතිවරණයෙන් එම ප්‍රාන්ත හතරෙන් තුනක බලය පිහිටුවීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට හැකිව තිබෙනවා.

මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථාන්, චතිස්ගාර් සහ තෙලංගනා යන ප්‍රාන්ත හතරේ මැතිවරණය මෙලෙස පැවැත් වූ අතර, එහිදී තෙලංගනා ප්‍රාන්තය හැර අනෙකුත් ප්‍රාන්ත තුනේ බලය පිහිටුවීම භාරතීය ජනතා පක්ෂයට මෙලෙස හැකියාව හිමිව ඇති බවයි ඉන්දිට මාධ්‍ය වාර්තා කළේ.

මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ආසන 230න්, 165ක් මෙවර මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂයට හිමිව ඇති අතර, රාජස්ථාන ප්‍රාන්තයේ ආසන 199න් 115ක් හිමිව ඇත්තේ එම පක්ෂයටයි.

ආසන 90ක් ඇති රාජස්ථාන ප්‍රාන්තයේ භාරතීය ජනතා පක්ෂය දිනූ ආසන සංඛ්‍යාව 56ක්.

භාරත් රාෂ්ට්‍ර සමිති නමැති ප්‍රදේශීය පක්ෂය බලය පිහිටුවා තිබූ තෙලංගනා ප්‍රාන්තයේ මෙවර මැතිවරණ ප්‍රතිඵලය අනුව එහි බලය පිහිටුවීමට ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රසයට හැකිව තිබෙනවා.

ඒ, අනුව තෙලංගනා ප්‍රාන්තයේ ආසන 119න ආසන 63ක් ජය ගැනීමට කොංග්‍රසයට හැකි වූ අතර, බලයේ සිටි භාරත් රාෂ්ට්‍ර සමිති පක්ෂයට ආසන 40ක් හිමි වුණා.

අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට ජයගත හැකි වූයේ ආසන 08ක් පමණයි.

මේ අතර ප්‍රාන්ත තුනක බලය පිහිටුවීමට සමත් වූ භාරතීය ජනතා පක්ෂය මුහුණ දෙන මීළඟ විශාල ප්‍රශ්නය වන්නේ මෙම ප්‍රාන්ත තුනේ මහ ඇමති ධූරය සඳහා පත්කරන්න කවුරුන් ද යන්නයි.

භාරතීය ජනතා පක්ෂය මැතිවරණයට පෙර කිසිඳු මහ ඇමතිවරයෙකුගේ මුහුණු ප්‍රක්ෂේපණය කර තිබුණේ නැහැ.

රාජස්ථාන් ප්‍රාන්තයේ වසුන්දරා රාජේ තෙවැනි වරටත් මහඇමති ධුරයට පත්වේදැයි අපේක්ෂා කරන අතර, හිටපු මහ ඇමති රමන් සිං මධ්‍ය ප්‍රදේශ්හි නායකත්වය සඳහා පත්වනු ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21