ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බුලන්ඩ්ෂාර් ප්‍රදේශයේ නිවසක ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 06 දෙනෙකු ඊයේ (21) සවස මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ සාමාජිකයින් බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මෙම අනතුරින් ළමුන් 05 දෙනෙක් ඇතුළු 08 දෙනෙක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
සිලින්ඩරය පුපුරා යාම හේතුවෙන් එම නිවස ද සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
සුන්බුන් අතර සිර වී සිටි තුවාලකරුවන් ඉන් පිටතට ගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, ඔවුන්ව සුන්බුන් අතරින් පිටතට ගැනීමට JCB යත්‍රයක් ද භාවිත කර තිබෙනවා.
පිපිරුම් හඬ කිලෝමීටර් ගණනාවක් ඈතට ඇසී ඇති අතර අවට නිවාස ද දෙදරුම් කෑ බවයි ප්‍රදේශවාසීහු පවසන්නේ.