AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් ගනන තවදුරටත් ඉහලට

ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහල යමින් පවතිනවා.

ඒ අනුව ගත වූ පැය 24 දී ඉන්දියාවෙන් තවත් කොරෝනා ආසාදිතයින් දෙලක්ෂ 61,500 ක් හදුනා ගෙන තිබෙනවා.

ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ මහාරාශ්ට්‍ර ප්‍රාන්තයෙන්. ගතවූ පැය 24 තුලදී ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා මරණ ගනන 1,501 ක්.

ඒ සමග මේවනවිට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි හතලිස් ලක්ෂ 88,109 ක්. ඒ මරණ එක්ලක්ෂ 77,150ක්ද සමගයි.

මේ අතර කොරෝනා තුන්වන රැල්ලේ වයාප්තියත් සමග ඉන්දියාවේ කොරෝනා මර්දන එන්නත්කරණ වැඩපිලිවෙල කඩිනම් කර තිබෙනවා.

ඒ අනුව රුසියාවේ ස්පුට්නික් ෆයිව් එන්නත් තොගයක් ඉන්දියාව මේවනවිටත් ඇනවුම්කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළා.

මේ අතර පවතින කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වෙනවා.

ඒ වරනාසි හිදීයි. එම සාකච්ඡාව සදහා ඉන්දිය රජයේ ඉහල පෙලේ නිලධාරීන්, සෞඛ්‍ය අංශ ප්‍රධානීන් හා කොරෝනා මර්දන මෙහෙයුමට එක්ව සිටින වෛද්‍යවරුන් පිරිසක් ද සහභාගී වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?