AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවේ අයාලේ යන සුනඛයින් මිලියන 62 ක්

ජලභීතිකා රෝගයෙන් ලෝකයේ මියයන පිරිසෙන් 36%ක් ඉන්දියානුවන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ඉන්දියාව තුළ අයාලේ යන සුනඛයින් මිලියන 62 ක් සිටින බවටයි ගණන් බලා තිබෙන්නේ.

සුනඛ ඝාතනය ඉන්දියාවේ තහනම් කර ඇති අතර ඒ සමග අයාලේ යන සුනඛයින්ගේ සපා කෑම් ද ඉහළ ගොස් එය සමාජ ගැටළුවක් බවට පත්වෙලා.

මෑතකදී හයිද්‍රාබාත් හි සුනඛ රැලකට මැදිවූ සිව් හැවිරිදි දරුවෙකු එම සුනඛයින් සපාකෑමෙන් මිය ගියා.

අයාලේ යන සුනඛයින් අල්ලා ජල භීතිකා එන්නත් ලබාදී නැවත එම සුනඛයින් මුදා හැරීමට ඉන්දියාව 2001 වසරේ නීතියක් බලාත්මක කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?