ඉන්දියාවෙන් සහ චීනයෙන් මහ බැංකුව කළ ඉල්ලීම

ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය අඩු කිරීමට හැකි ඉක්මනින් එකඟ වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව චීනයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අර්බුදයට ලක් වී ඇති ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීම පැහැර හැරීම හේතූවෙන් ඩොලර් බිලියන 2.9ක (පවුම් බිලියන 2.4ක) මූල්‍යාධාරයක් ලබාගැනීමට සාකච්ඡා සිදුවෙමිනුයි පවතින්නේ.

එහෙත් ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන ගණනක සමස්ත ණය ප්‍රමාණය අඩු කිරීමට චීනය සහ ඉන්දියාව පළමුව එකඟ වන තුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම මුදල් නිදහස් කරන්නේ නැහැ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා බී.බී.සී. ආයතනය සමග සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ, කඩිනමින් ක්‍රියා කිරීම සියලු පාර්ශවයන්ගේ අභිලාෂය බව යි.

“දිර්ඝ කාලයක් ණය නොගෙවා, මේ වගේ තත්ත්වයක අපිට ඉන්න ඕනේ නෑ. ඒක අපිට වගේම රටටත් හොඳ නැහැ. ඒක ශ්‍රී ලංකාවේ ආයෝජක විශ්වාසයටත් හොඳ නැහැ.”

පසුගිය වසරේ සිට රටේ උද්ධමනය සුළු වශයෙන් පහළ ගොස් ඇතත්, සන්සන්දනාත්මකව බැලු කළ පසුගිය මාසයේ ශ්‍රී ලංකාවේ ආහාර මිල ගණන් පෙර වසරට වඩා 65%කින් ඉහළ ගොස් තිබෙනවා.

ලෝක ආහාර වැඩසටහන ඇස්තමේන්තුගත කරඇත්තේ, ශ්‍රී ලාංකිකයින් මිලියන 8ක් එනම්, ජනගහනයෙන් තුනෙන් එකකට වඩා “ආහාර අනාරක්ෂිතතාවෙන්” පෙළෙන අතර, විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල සාගින්නෙන් පීඩා විඳින්නන් ඉහල අගයක් ගන්නා බවයි.

2022 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 9.2%කින් හැකිලී ගිය අතර එය මේ වසරේ තවත් 4.2%කින් හැකිලෙනු ඇතැයි ලෝක බැංකු වාර්තා ඇස්තමේන්තු ගත කර තිබෙනවා.

චීනය විසින් ශ්‍රී ලංකාවට දී ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 7ක් පමණ වන අතර ඉන්දියාවට ඩොලර් බිලියන 1ක් පමණ ශ්‍රී ලංකාව ණය වී ඇතැයි සඳහන්.

2022 වසර අවසන් වන විට චීනය සහ ඉන්දියාව සමග නව ගෙවීම් සැලැස්මකට එකඟ වීමටයි රජය බලාපොරොත්තු වී සිටියේ.

ජනවාරි මස අග ගිවිසුමකට එළඹිය හැකි බව පෙන්වා දුන් මහබැංකු අධිපතිවරයා “මේ සියල්ල රඳා පවතින්නේ අනෙක් පාර්ශව මත – අපේ ණය හිමියන්ට ඒ තීරණය ගන්න ඇත්ත වශයෙන්ම සිද්ධ වෙනවා ” යනුවෙන් ප්‍රකාශ කර තිබෙනවා.

රටේ ණය ගැනීම් පිළිබඳ ඔවුන්ට අවශ්‍යව තිබු සියලු තොරතුරු ශ්‍රී ලංකාව මේ වන විට ලබා දී ඇති බව ද නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළා.

ස්වාධීන විශ්ලේෂකයින් පවසන්නේ, චීනය සිය ‘Belt and Road’ වැඩසටහන හරහා අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට පුළුල් ලෙස ණය ලබා දීමට ශ්‍රී ලංකාවේ ණය අඩු කිරීමෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න පිළිබඳව සැලකිලිමත් වන බවයි.

මේ අතර, ඉන්දියාව සිය කලාපීය ප්‍රතිවාදියා වන චීනයට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලිහිල් කොන්දේසි ලැබෙන්නේ දැයි අවධානයෙන් පසුවන බව ද පැවසෙනවා.

මේ අතර ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් පැවසුවේ, විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නා ලෙස ක්‍රියාත්මක වීමට චීනයට වැඩි වගකීම පැවරී ඇති බවයි.

“ශ්‍රී ලංකාවට ප්‍රමාද වෙන්න කාලයක් නැති නිසා ඔවුන් ප්‍රමාද නොවී කටයුතු කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට වහාම මේ සහතික අවශ්‍යයයි.” ඇය බී.බී.සී. ආයතනය සමග සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙනවා.

“ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන්, අපි නිසැකව ම බලාපොරොත්තු වෙනවා ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමට එළඹීමේදී චීනය බාධාවක් වෙන එකක් නැහැ කියලා.”

කෙසේවෙතත් ඉන්දියාව සහ චීනය අවසානයේදී ශ්‍රී ලංකාවට ඇති ඔවුන්ගේ සමස්ත ණය ප්‍රමාණය අඩු කිරීමට එකඟ වුවහොත්, රටේ විදේශ ණයවලින් 40%කට හිමිකම් කියන පෞද්ගලික ණය හිමියන්ගේ පාර්ශවයෙන් ගැටලුවක් මතු වීමේ හැකියාවක් පවතිනවා.

ආර්ජන්ටිනාව ආර්ථික අර්බුදයකට ඇද වැටී 2001 වසරේදී ණය ගෙවීම් පැහැර හැර වසර කිහිපයකට පසු, ඇතැම් අමෙරිකානු හෙජ් අරමුදල්, ඔවුන් විවෘත වෙළඳපොළෙන් මිල දී ගත් ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමක් පිළිගන්නවා වෙනුවට, සම්පූර්ණ ආපසු ගෙවීමක් ඉල්ලා එය ලබා ගැනීම සඳහා එරට රජය එක්සත් ජනපදයේ අධිකරණයට දක්වා ගෙන ගියා.

ජනවාරි 8 වන දින ජාත්‍යන්තර ආර්ථික විද්‍යාඥයින් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ බැඳුම්කර “අවලංගු” කරන ලෙස ඉල්ලා සිටියේ: “ශ්‍රී ලංකාවේ සියලුම ණය හිමියන් වත්මන් අර්බුදයෙන් මිදීමට මගක් සැපයීමට ප්‍රමාණවත් ණය අවලංගු කිරීම සහතික කළ යුතු ය” යනුවෙන් ප්‍රකාශ කරමින්.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැඳුම්කර හිමියන් පිළිබඳව විමසූ විට කියා සිටියේ “අපි පෞද්ගලික ණය හිමියන් සමග සද්භාවයෙන් සාකච්ඡා කරනවා. අප දකින දේ තමයි ඔවුන් ඉතා ධනාත්මකයි සහ ඔවුන් අපිත් එක්ක කටයුතු කරන්න කැමැත්තෙන් ඉන්නේ.” යනුවෙන්.

ද්විපාර්ශ්වික ණය හිමියන් එකඟතාවකට පැමිණි පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුදල් “සති හතරක් හෝ හයක්” ඇතුළත ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකි වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55