ඉන්දියාවෙන් ගේන බිත්තරයක් රුපියල් 30කට

ඉන්දියාවේ සිට ආනයනය කරනු ලබන බිත්තර රුපියල් 30ක වැනි මිලකට ආහාර නිෂ්පාදකයින්ට ලබාදිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මෙරට බිත්තර මිල පාලනය කිරීමේ අරමුණින් බිත්තර ආනයනය කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කළ අතර ඒ අනුවයි ඉන්දියාවේ සිට බිත්තර මිලියන 02ක් ආනයනය කිරීමට රජය පියවර ගෙන ඇත්තේ.

බිත්තර ආනයනය කිරීමට අවසර ලබාදී ඇත්තේ රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවට පමණක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා .

මේ අතර පෙබරවාරි 21 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික බිත්තරයක් සඳහා පනවා ඇති රුපියල් 50ක විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද රුපියල් 01දක්වා අඩු කර තිබෙනවා.

අදාළ බදු සංශෝධනය මාස තුනක කාලයක් සඳහා වලංගු බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ බිත්තර ආනයනය කිරීමට හේතු වූයේ රටතුළ පවතින බිත්තර හිඟය බවයි.

බිත්තර හිඟය, ආහාර නිෂ්පාදන කර්මාන්තය පවත්වාගෙන යෑමට බාධාවක් බැවින් බිත්තර ආනයනය සඳහා පැවති බදු අඩු කළ අතර එම අඩු කිරීම අදාළ වන්නේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහා පමණක් ම බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

එලෙස ආනයනය කරන බිත්තර සියල්ල තොග වශයෙන් නිෂ්පාදන කර්මාන්තවලට ලබාදෙන බවත්, ඒ හේතුවෙන් දේශීය බිත්තර නිෂ්පාදකයාට කිසිදු බලපෑමක් එල්ල නොවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මේ අතර ආනයනය කරන ලද පළමු බිත්තර තොගය සඳුදා (27) දිවයිනට පැමිණීමට නියමිත බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

ශ්‍රී ලංකා රාජ්‍ය වෙළඳ සංස්ථාව මගින් පළමු බිත්තර තොගය ආනයනය කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
42
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?