ඉන්දියාවෙන් ගේන බිත්තරයක් රුපියල් 30කට

ඉන්දියාවේ සිට ආනයනය කරනු ලබන බිත්තර රුපියල් 30ක වැනි මිලකට ආහාර නිෂ්පාදකයින්ට ලබාදිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මෙරට බිත්තර මිල පාලනය කිරීමේ අරමුණින් බිත්තර ආනයනය කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කළ අතර ඒ අනුවයි ඉන්දියාවේ සිට බිත්තර මිලියන 02ක් ආනයනය කිරීමට රජය පියවර ගෙන ඇත්තේ.

බිත්තර ආනයනය කිරීමට අවසර ලබාදී ඇත්තේ රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවට පමණක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා .

මේ අතර පෙබරවාරි 21 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික බිත්තරයක් සඳහා පනවා ඇති රුපියල් 50ක විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද රුපියල් 01දක්වා අඩු කර තිබෙනවා.

අදාළ බදු සංශෝධනය මාස තුනක කාලයක් සඳහා වලංගු බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ බිත්තර ආනයනය කිරීමට හේතු වූයේ රටතුළ පවතින බිත්තර හිඟය බවයි.

බිත්තර හිඟය, ආහාර නිෂ්පාදන කර්මාන්තය පවත්වාගෙන යෑමට බාධාවක් බැවින් බිත්තර ආනයනය සඳහා පැවති බදු අඩු කළ අතර එම අඩු කිරීම අදාළ වන්නේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහා පමණක් ම බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

එලෙස ආනයනය කරන බිත්තර සියල්ල තොග වශයෙන් නිෂ්පාදන කර්මාන්තවලට ලබාදෙන බවත්, ඒ හේතුවෙන් දේශීය බිත්තර නිෂ්පාදකයාට කිසිදු බලපෑමක් එල්ල නොවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මේ අතර ආනයනය කරන ලද පළමු බිත්තර තොගය සඳුදා (27) දිවයිනට පැමිණීමට නියමිත බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

ශ්‍රී ලංකා රාජ්‍ය වෙළඳ සංස්ථාව මගින් පළමු බිත්තර තොගය ආනයනය කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
42
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47