ඉන්දියාවෙන් ගත් ඩොලර් බිලියනය පොහොට්ටුවේ මැතිවරණයට – සජිත්

ඉන්දියාවෙන් ලබා ගත් ඩොලර් බිලියනයක ණය මුදල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීමට කටයුතු කරමින් සිටින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ අනුව ග්‍රාමසේවා වසම් 14,000ක් කේන්ද්‍ර කර ගනිමින් ගමේ සාප්පු යන වැඩසටහන යටතේ එක් සාප්පුවක් සඳහා රුපියල් ලක්ෂ 08ක් ලබා දීමට සැලසුම් කර ඇති බවත් එහිදී රුපියල් 2,000ක කූපන් පොදුජන පෙරමුණේ සාමාජිකයන්ට ලබා දෙමින් මැතිවරණ කටයුතු සිදු කිරීමේ සැලසුමක් පවතින බවත් අද(22දා) පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් හෙතෙම සඳහන් කළේය.

මෙම මුදල වියදම් කිරීම විනිවිද භාවයකින් යුතුව සිදු කළ යුතු බවත්, ඒ අනුව අදාල ඩොලර් බිලියනයක ණය මුදල වියදම් කරන ආකාරය පිළිබඳ වාර්ථාවක් පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස ආණ්ඩුවෙන්  ඉල්ලීමක් කරන බවත් සඳහන් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

මේ කාරණාව මම රජයේ අවධානයට යොමු කර සිටිනවා. එඩ්වඩ් රිචඩ් පෙරේරා – මාකොල, මොහොමඩ් හනීෆා මොහොමඩ් ඉල්ලියාස් – උඩතලවින්න, ඒ.කේ. වික්‍රමපාල – මීරිගම, ටී.ඩී.තාජුඩීන් – උතුරැ කොළඹ යන හතරදෙනා තෙල් පෝලිම් වල ඉදලා විවිධ හේතුන් මත ජීවිත අහිමි වෙලා තිබෙනවා. මේක බරපතල ප්‍රශ්නයක්. විශේෂයෙන්ම ජනතාවගේ ජීවත්වීමේ ගැටලුව අන්ත අසරණ විදියට තිබෙනවා.

මේ තත්ත්වය තුල ඉන්දියාව ලබා දී තිබෙනවා ඩොලර් බිලියනයක ණයක්. ඒ ණය ලබා දීම ගැන අපෙනුත් විමසුවා. ඒ විමසපු අවස්ථාවේ අපිත් කිව්වා මේ අමාරුවේ වැටිලා තිබෙන රට ගොඩගන්න ඒ ණය ලබා දෙන්න කියලා. 
අපිට දැනගන්න ලැබිලා තිබෙනවා වසම් 14,000ක් කේන්ද්‍ර කරගෙන ගමේ සාප්පු කියලා වැඩසටහනක් තුලින් වෙනම ලක්ෂ 08ක පමණ මුදලකුත් මේ ගමේ සාප්පු හරහා පොදුජන එක්සත් පෙරමුණේ සාමාජිකයන්ට රුපියල් 2,000ක කූපන් මත මේ ලබා දුන් ඉන්දියාවේ ඩොලර් බිලියනයක ණය මුදල මැතිවරණයක් සඳහා යොදා ගැනීමට වැඩපිළිවෙලක් තිබෙනවා කියලා. මම වගකීමෙන් කියන්නේ මේක. මේ වන විටත් පළාත් පාලන මැතිවරණයේ යම් සංශෝධනයන් ඇතිකරගෙන තමන්ට දේශපාලන වාසි ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ උත්සාහයක් තිබෙනවා.

මම අර කලින් සඳහන් කළ නම් සහිත පුද්ගලයන් පෝලිම් වල සිදුවුණු මරණ. මේ පෝලිම් නිර්මාණය වෙලා තිබෙන්නේ අද රටේ තිබෙන බරපතල ආර්ථික අර්බුදය තුල. ඒ ආර්ථික විනාශයට යොමු වුනේ ආපු ගමන් දුන්න බිලියන 600-800ත් අතර බදු සහන වලින්. 
ගෑස් සිලින්ඩරයේ මිල 4,199ක් දක්වා වැඩිවෙලා තිබෙනවා. බස්නාහිර පළාතේ වාර විභාග කරන්න බැරි තත්ත්වයක් මතුවෙලා තිබෙනවා. විදුලි බිල සියයට පන් සියයකින් වැඩි කරන්න කටයුතු කරනවා කියලා අපිට ආරංචියි. ජල බිලත් වැඩි කරනවා කියලා ආරංචියි. මේ තත්ත්වය තුල මම අහන්න කැමතියි මොකක්ද රජය ගන්න වැඩපිළිවෙල කියලා. මේ පෝලිම් ඉවත් කරලා, මේ ගෑස් හිඟය වෙනුවට ගෑස් සිලින්ඩර් ලබා දෙන්න.

අද භූමිතෙල් පෝලිම, පෙට්‍රල් පෝලිම, ඩීසල් පෝලිම. මිනිස්සුන්ට ජීවත් වෙන්න බැහැ. කිරි තේ එකක් දැන් රුපියල් 100ක් වෙලා තිබෙනවා. කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ. මම ඉල්ලීමක් කරනවා කාරුණිකව ඉන්දියාව ලබා දුන් බිලියනයක සහනය ඇතුලේ මේ රජය කරන සියලුම ගණුදෙනු වල වාර්ථා, තොරතුරැ මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. යනුවෙන් සඳහන් කළේය.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08