ඉන්දියාවේ සිට පැමිණෙන, ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක් රැගත් නෞකාවක් හෙට (28) දිනයේදී කොළඹ වරායට සේන්දු වීමට නියමිතව තිබෙනවා.
ඉකුත් අඟහරුවාදා මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර පැවති දුරකථන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස මෙම ඉන්ධන නෞකාවක් මෙරටට ලැබීමට නියමිතව බවයි වාර්තා වන්නේ.
මෙම ඉන්ධන තොගය මෙරට බලශක්ති අවශ්‍යතාවය සපුරාලීම සඳහා ඉන්දියාව ලබාදෙන අඛණ්ඩ සහයෝගීතාවයේ තවත් එක් පියවරක් බව, කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1













