ඉන්දියානු නිවාස යෝජනාවලිය ගැන ශ්‍රී ලංකාවේ රජයට පැසසුම්

මලයගම් ප්‍රජාවට නිවාස ලබාදීමේ ඉන්දියානු නිවාස යෝජනාවලිය සහ වතු ආශ්‍රිත පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර (smart classroom) ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී රජයේ කාර්යක්ෂමතාව සිය සතුටට කරුණක් බව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) මහතා පවසනවා.

ඉන්දීය මහ කොමසාරිස් මේ බව කියා සිටියේ ඊයේ (08) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යා සමන්ත විද්‍යාරත්න මහතා සමග විශේෂ හමුවකට එක් වෙමින්.

මේ රජය ජනතා රජයක් ලෙස ප්‍රචලිත වී තිබෙන බවත් ඒ නිසාම ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමත් ඔවුන්ට සහන ලබා දීමත් සිදු කරනු ඇතැයි තමා විශ්වාස කරන බවත් මහ කොමසාරිස්වරයා එහිදී සඳහන් කළා.

පසුගියදා ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පැමිණීමත් සමග දෙරට අතර පැවති සබඳතාව තවදුරටත් ශක්තිමත් වූ බවත්, ශ්‍රී ලාංකිකයන් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ පැමිණි කාර්ය මණ්ඩලයට සිදු කරන ලද ආගන්තුක සත්කාරවලට විශේෂ ස්තුතියක් ද එහිදී මහ කොමසාරිස්වරයා විසින් පුද කෙරුණා.

මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා, අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්තී මහතා සහ ඉන්දිය මහ කොමසාරිස් කාර්ය මණ්ඩල නිළධාරින් ඇතුළු පිරිසක් සහභාගි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?