ඉන්දියානු නිවාස යෝජනාවලිය ගැන ශ්‍රී ලංකාවේ රජයට පැසසුම්

මලයගම් ප්‍රජාවට නිවාස ලබාදීමේ ඉන්දියානු නිවාස යෝජනාවලිය සහ වතු ආශ්‍රිත පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර (smart classroom) ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී රජයේ කාර්යක්ෂමතාව සිය සතුටට කරුණක් බව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) මහතා පවසනවා.

ඉන්දීය මහ කොමසාරිස් මේ බව කියා සිටියේ ඊයේ (08) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යා සමන්ත විද්‍යාරත්න මහතා සමග විශේෂ හමුවකට එක් වෙමින්.

මේ රජය ජනතා රජයක් ලෙස ප්‍රචලිත වී තිබෙන බවත් ඒ නිසාම ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමත් ඔවුන්ට සහන ලබා දීමත් සිදු කරනු ඇතැයි තමා විශ්වාස කරන බවත් මහ කොමසාරිස්වරයා එහිදී සඳහන් කළා.

පසුගියදා ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පැමිණීමත් සමග දෙරට අතර පැවති සබඳතාව තවදුරටත් ශක්තිමත් වූ බවත්, ශ්‍රී ලාංකිකයන් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ පැමිණි කාර්ය මණ්ඩලයට සිදු කරන ලද ආගන්තුක සත්කාරවලට විශේෂ ස්තුතියක් ද එහිදී මහ කොමසාරිස්වරයා විසින් පුද කෙරුණා.

මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා, අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්තී මහතා සහ ඉන්දිය මහ කොමසාරිස් කාර්ය මණ්ඩල නිළධාරින් ඇතුළු පිරිසක් සහභාගි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29