‘ඉන්ටර්ස්කූල්’ නම් Whatsapp සමූහය ගැන පැහැදිළි කිරීමක්

බුද්ධි අංශ විසින් රහසිගත තොරතුරු වාර්තා කරන ලේඛන හෝ වාර්තා මෙන්ම තොරතුරු හෙළිදරව් කිරීම රාජ්‍ය රහස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් එවැනි තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ හෝ වෙනත් ආකාරයකට පතුරුවාලීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානය මහජනතාව වෙත දැනුම් දෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මේ බව නිවේදනය කළේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය මඟින් නිකුත් කර ඇති ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය මඟින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබුණේ අයි.එස්.අයි.එස්. සංවිධානයට අයත් ඉන්ටර්ස්කූල් නම් අදාළ වට්ස්ඇප් සමූහයෙන් ආරාධනයක් ලැබුනහොත් ඊට සම්බන්ධවීමෙන් වළකින ලෙසයි.

එම සමූහයට එක් වුවහොත් ඉන් ඉවත්වීමට නොහැකි බවද අදාළ ලිපියේ සඳහන්ව තිබුණා.මෙම ලිපිය බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා විසින් ඉදිරිපත් කරන ලද ලිපියක් වූවද, වට්ස්ඇප් කණ්ඩායම සම්බන්ධයෙන් සඳහන් කර ඇති තොරතුරු සත්‍යතාවය තහවුරු කරන ලද තොරතුරක් නොවන බව ද එම නිවේදනයේ දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.10
00:00
Video thumbnail
රොබෝ අලි තමයි ඉස්සරහට පෙරහැරවල දී දකින්න වෙන්නේ
02:49
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ රටට ලැබෙන්නේ අවමානයක්..ආණ්ඩුවට කිසිම විදේශ ප්‍රතිපත්තියක් නෑ l G.L.Peiris
02:38
Video thumbnail
හිරේ යන්න ලෑස්ති වෙන්න ජයකොඩි - මේක අතහරින්නේ නෑ
08:13
Video thumbnail
යළි ජීවය ලැබූ නැඳුන්ගමුවේ රාජා
01:35
Video thumbnail
ඩී.වී. චානකගෙන් රන්ජන්ට සැර හින්ට් එකක්..PUCSL එක තව දුරටත් ස්වාධීන නෑ
05:37
Video thumbnail
Mineral, RO බෝතල් කළ ජලය දැන් කාටවත් හොයාගන්න බෑ..
01:15
Video thumbnail
මං මෝඩයන්ට උත්තර දෙන්නේ නෑ - මරික්කාර් සැර වෙයි
10:05
Video thumbnail
කළුතර ප්‍රා. සභාවේ මන්ත්‍රීලගේ වැඩ බලන්න ආ වඳුරා..හරි අපූරුවට බලන් ඉන්න හැටි
01:40
Video thumbnail
අපිට නම් දැන් සනීපයි හොඳටම - ආණ්ඩුවට දීලා අනාගත්තා
04:53