ඉදිරි සති අන්තයේ කොළඹ අය ගෙරද ඉන්න – විශේෂ දැනුම්දීමක්

ඉදිරි සති අන්තයේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ ඩෙංගු මර්දනය සඳහා විශේෂ පවිත්‍රතා වැඩසටහනක් ක්‍රියාත්මක ‍කරන බව ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ සභාපති, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල පවසනවා.

ඒ, අනුව නිවසේ රැඳී සිටිමින් ඒ සඳහා සහාය ලබාදෙන ලෙසයි රාජ්‍ය අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඩෙංගු ව්‍යාප්තිය පාලනය පිළිබඳව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී දී අද (25) පැවති මාධ්‍ය හමුවේදී ඇය මේ බව පැවසුවා.

එම වැඩසටහනෙන් අනතුරුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සතියක් පුරා කීට පරීක්ෂාවන් සිදුකෙරෙන බවද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා.

ඩෙංගු මදුරුවන් වැඩි වශයෙන් බෝ වන ස්ථාන ලෙස පාසැල්, පූජණීය ස්ථාන, රජයේ සහ පෞද්ගලික ආයතන, වෙළෙඳ පරිශ්‍ර මෙන්ම අත්හැර දමා ඇති බිම් කොටස් පරීක්ෂා කිරීම සඳහා විශේෂිත දින වෙන් කරමින් මෙම වැඩසටහන බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කෙරෙනවා.

අනෙකු පළාත් සඳහා ඔවුන්ට ආවේණික ගැටලු හදුනාගෙන විශේෂිත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට දිරිමත් කරන බවද ඇය සඳහන් කළා.

ඩෙංගු රෝගය පැතිරීම දේශගුණික තත්ත්වය සමඟ ඉහළ ගොස් ඇති බවත්, මෙම තත්ත්වය පාලනය කර නොගතහොත් කොවිඩ් මෙන් ඩෙංගු රෝගයද මාරාන්තික තත්ත්වයකට පත් විය හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවා.

ජනවාරි මස සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 47,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර, ඒ අතරින් 50%ක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
3
+1
15
+1
4
+1
4
+1
8
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?