AFC Banner
Empty Ad
Empty Ad

ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක්

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝ මීටර් (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?