ඉදිරියේ දී ශ්‍රී ලංකාවට හිමිවන තෑග්ගක් ගැන ගුවන් හමුදාපතිවරයාගෙන් ප්‍රකාශයක්

ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව සඳහා අධි තාක්ෂණයෙන් යුත් නවීන පන්නයේ විමර්ශන ගුවන් යානා දෙකක් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට හිමිවන බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනී රාජපක්ෂ පවසනවා.

Beach King 360 ER මාදිලියේ ගුවන් යානයක් මෙම වර්ෂය අවසානයේ දී අමෙරිකාවෙන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීම මත ඔස්ට්‍රේලියාවෙන් ද එවැනි ම තාක්ෂණයෙන් යුත් ගුවන් යානයක් ලබන
වර්ෂය මුල දී මෙරටට හිමිවන බවයි ගුවන් හමුදාපතිවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව දළදා මාලිගාවේ දී වාර්ෂික ව සංවිධානය කරන දානමය පුණ්‍ය කර්මය නිමිත්තෙන් මහනුවරට අද පෙරවරුවේ පැමිණ; සියම් මහ නිකායේ මල්වතු හා අස්ගිරි මහා නායක හිමියන් බැහැ දැකීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගුවන් හමුදාපතිවරයා මේ බව කියා සිටියා.

අස්ගිරි මහා විහාරයට පැමිණි ගුවන් හමුදාපතිවරයා එහිදී අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියන් බැහැ දැටු අතර අනතුරුව මල්වතු මහා විහාරයේ දී එම පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ගුවන් හමුදාපතිවරයා රට මෙන් කිහිප ගුණයක විශාලත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුහුදු කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් අදාළ රටවල් රැසක ආරක්ෂක අංශවල දායකත්වයෙන් විශේෂ සමුළුවක් පැවැත්වූ බව ද කියා සිටියා.

ඒ සඳහා කලාපීය රටවල් රැසක සහයෝගය හිමිවන බවත්; ශ්‍රී ලංකා මුහුදු කලාපයේ ආරක්ෂාව සෙසු රටවල් සඳහා ද සෘජු ව බලපාන බවත් ගුවන් හමුදාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46