ඉදිරියේ දී ශ්‍රී ලංකාවට හිමිවන තෑග්ගක් ගැන ගුවන් හමුදාපතිවරයාගෙන් ප්‍රකාශයක්

ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව සඳහා අධි තාක්ෂණයෙන් යුත් නවීන පන්නයේ විමර්ශන ගුවන් යානා දෙකක් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට හිමිවන බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනී රාජපක්ෂ පවසනවා.

Beach King 360 ER මාදිලියේ ගුවන් යානයක් මෙම වර්ෂය අවසානයේ දී අමෙරිකාවෙන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීම මත ඔස්ට්‍රේලියාවෙන් ද එවැනි ම තාක්ෂණයෙන් යුත් ගුවන් යානයක් ලබන
වර්ෂය මුල දී මෙරටට හිමිවන බවයි ගුවන් හමුදාපතිවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව දළදා මාලිගාවේ දී වාර්ෂික ව සංවිධානය කරන දානමය පුණ්‍ය කර්මය නිමිත්තෙන් මහනුවරට අද පෙරවරුවේ පැමිණ; සියම් මහ නිකායේ මල්වතු හා අස්ගිරි මහා නායක හිමියන් බැහැ දැකීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගුවන් හමුදාපතිවරයා මේ බව කියා සිටියා.

අස්ගිරි මහා විහාරයට පැමිණි ගුවන් හමුදාපතිවරයා එහිදී අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියන් බැහැ දැටු අතර අනතුරුව මල්වතු මහා විහාරයේ දී එම පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ගුවන් හමුදාපතිවරයා රට මෙන් කිහිප ගුණයක විශාලත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුහුදු කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් අදාළ රටවල් රැසක ආරක්ෂක අංශවල දායකත්වයෙන් විශේෂ සමුළුවක් පැවැත්වූ බව ද කියා සිටියා.

ඒ සඳහා කලාපීය රටවල් රැසක සහයෝගය හිමිවන බවත්; ශ්‍රී ලංකා මුහුදු කලාපයේ ආරක්ෂාව සෙසු රටවල් සඳහා ද සෘජු ව බලපාන බවත් ගුවන් හමුදාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?