ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව සඳහා අධි තාක්ෂණයෙන් යුත් නවීන පන්නයේ විමර්ශන ගුවන් යානා දෙකක් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට හිමිවන බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනී රාජපක්ෂ පවසනවා.
Beach King 360 ER මාදිලියේ ගුවන් යානයක් මෙම වර්ෂය අවසානයේ දී අමෙරිකාවෙන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීම මත ඔස්ට්‍රේලියාවෙන් ද එවැනි ම තාක්ෂණයෙන් යුත් ගුවන් යානයක් ලබන
වර්ෂය මුල දී මෙරටට හිමිවන බවයි ගුවන් හමුදාපතිවරයා සඳහන් කළේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව දළදා මාලිගාවේ දී වාර්ෂික ව සංවිධානය කරන දානමය පුණ්‍ය කර්මය නිමිත්තෙන් මහනුවරට අද පෙරවරුවේ පැමිණ; සියම් මහ නිකායේ මල්වතු හා අස්ගිරි මහා නායක හිමියන් බැහැ දැකීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගුවන් හමුදාපතිවරයා මේ බව කියා සිටියා.
අස්ගිරි මහා විහාරයට පැමිණි ගුවන් හමුදාපතිවරයා එහිදී අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියන් බැහැ දැටු අතර අනතුරුව මල්වතු මහා විහාරයේ දී එම පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ගුවන් හමුදාපතිවරයා රට මෙන් කිහිප ගුණයක විශාලත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුහුදු කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් අදාළ රටවල් රැසක ආරක්ෂක අංශවල දායකත්වයෙන් විශේෂ සමුළුවක් පැවැත්වූ බව ද කියා සිටියා.
ඒ සඳහා කලාපීය රටවල් රැසක සහයෝගය හිමිවන බවත්; ශ්‍රී ලංකා මුහුදු කලාපයේ ආරක්ෂාව සෙසු රටවල් සඳහා ද සෘජු ව බලපාන බවත් ගුවන් හමුදාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.














PODI PLANE DEKAK LABENAWA KIYALA SATHUTU WENA EKA PRASIDHDHIYE PARAM BANA GUWAN HAPUDHA PATHI KENEK MEETA KALIN ME RATEYI DEKALA THIYENAWA DHA? MATANAM ANITH PATHTHENUTH HINA. 1980 GANAN WALA FRANCH MAKE DONIER PLANE EKAK INDIA AUWRUDU 40 GANAK USE KARALA ATAWALA DUNNA, HAMME WELCOME PARTY DALA PILI GATHTHE. USA BEACH CRAFT NOWEYI ONEMA PLANE EKAK USE KARANNE UPARIMA AWURUDU 5YI. ITA PASSE TEXAS WALA GRAVE YARD EKATA DANAWA. ME ANNA EWA. AUSTRALIA UNATH EHEMAYI. API THMAYI WATINA JEEWITHA EKKAMA KADA WATENAKAMMA LABAL UDA YWANNE. YAKO MEKA KAFIR FIGHER JET, MIG JET THIBUNA HAMUDAWAK. FIGHER CRAFT WALIN LOKE DARUNUMA TERA GROUP EKATA ATAACK KARALA SUNNATHDULI KALA MULU LOKEMA EKAMA HAMUDAWA. EHEMA EKAK ASIYAWE, AFRICA,AMERICA,AUSTRALIA,EUROPE WALATH NAHE. KOTINMA SUPIRI KIYANA ISRAEL WALATATH THAMA HAMAS, HISBOLLAH NATHI KARANNA BERI UNA, SUPIRI USA WALATA MUJEHIDEEN, AL QUIEDA, WINASA KARANNA BERI UNA.